• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම ආණ්ඩුවට කඩේ යන්නේ නෑ – රවි කියයි

20 June 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ආර්ථිකයක් ගැන කතා කරනවා මිස පවතින ආණ්ඩුවට කඩේ යාමක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය වසර 05 ක කාලයක් තිම්මේ ජනතාව වෙනුවෙන් මහා බැංකුවේ ක්‍රියා කලාපයට එරෙහිව තමා තනිවම සටන් කල බවයි. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා අවබෝධයෙන් කටයුතු කිරිම ගැන තමා සතුටු වන බව හෙතෙම පැවසිය.

මහා බැංකුවක් තිබෙන්නේ ඒ රටේ ආර්ථික ස්ථාවර කරන වන අතර රුපියලේ ශක්තිමත් භාවය ඇති කිරීම මහ බැංකුවේ විශේෂ වගකීමක් බව ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත් එය නිතර දෝලනය වෙන දෙයක් වන අතර සැබැ සංවර්ධනයක් ඇති කර ආර්ථිකය ශක්තිමත් කිරීමත් මහ බැංකුවේ කාර්ය භාරයක් බව කරුණානායක මහතා අනාවරණ කලේය.

එම මාධ්‍ය හමුවේදී රවි කරුණායක මහතා මෙසේ අදහස් පල කර සිටියේය “1949 සිට මේ දක්වාම මහ බැංකුවට දේශපාලන ඇගිලිගැසිම් සිදුවන තාක්කල් මහ බැංකුවේ මනා වර්ධයක් ඇතිවී තිබුණා. ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් වසර 2000 දි සිදුවූ දේශපාලන පත්වීම් තුළින් මහ බැංකුවේ කඩා වැටීම් ආරම්භ වුණා. මේ ආණ්ඩුව මාස 08 ක් පාලනයේ සිටියා. අපි බලයේ සිටින විට මේ අය කිවේවේ අපට ර‍ට කරන්න බැහැ කියලා. නමුත් අද වෙද්දි රට2015 තිබූ තත්ත්වයට ආර්ථිකය ආපස්සට ගිහින් නේද.

මොනවද මේ මහ බැංකුව දැන් කරලා තිබෙන්නේ. එදා අපේ රටට අවශ්‍ය වෙනවා කිව්වේ මූල්‍ය ආයතන 25 ක් පමණ. නමුත් මේ වෙද්දි මේ රටේ මූල්‍ය ආයතන තිබෙනවා 55ක්. කවුද මේවට ලයිසන් දුන්නේ. මහ බැංකුව තමයි මේවට අවශ්‍ය බලය දීලා තිබෙන්නේ.

මේවායින් ආයතන ගණනාවක් විශාල වශයෙන් කඩාවැටීමකට ලක්වුණා. මේවාට වගකිව යුත්තේ කවුද. ජනාධිපතිතුමා මේ ගැන තිබෙන සැබෑ තත්තවය පැහැදිලි කළා මහ බැංකුවට. ඇයි ඒවා මහබැංකු නිලධාරීන්ට මීට කළින් තේරුම් අරන් ක්‍රියා කරන්න, තීරණ ගන්න බැරි වුණේ.

එදා අපි ඉන්න කාලේ අවම මිලකට ලැබුණු බෙහෙත් දැන් ගන්න පුලුවන්ද. අධ්‍යාපන පහසුකම්,පොලී නැති ණය හෝ අවම පොලී සහිත ණය ලබාදිම් ආදිය අපි නිසි පරිදි ජනතාවට ලබා දුන්නා මහා බැංකුවේ ඇගිලි ගැසීම් වලින් තොරව. ඒත් අද ම් තත්ත්වය විශාල වශයෙන් වෙනස්වී තිබෙනවා. ඔවුන් ඒ ගැන ඇහුවම උද්ධමනයක් ගැන කතා කරනවා.

අද මහා බැංකුව ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැත්තෝ බවට පත්වෙලා. ඒ නිසා ලංකාවට හෙනගැහුවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති තමයි ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ. අපට බැංකු විශාල සංඛ්‍යාවක් ඕන නැහැ. කරගෙන යන බැකු කිහිපය හරි නිසි පරිදි කරනන්නයි ඕන. මූල්‍ය ආයතන කොපමණ කඩා වැටුනත්, මහ බැංකු නිලධාරීන් එක්කෙනෙක්වත් මේ කාලය පුරාවට ගෙදර ඇරලා තිබෙනවාද. පව් සේරම මහජනතාව. පින් ඔවුන්ට.

වෙන රටවල ආණ්ඩුව කියන දේ තමයි මහා බැංකුව ක්‍රියාත්මක කරන්නේ. නමුත් අපේ රටේ ආණ්ඩුව දකුණට හැරෙන්න කිව්වාම, මහා බැංකුව වමට හැරෙනවා. වමට හැරෙන්න කිව්වාම දකුණට හැරෙනවා.. ජනාධිපතිතුමා කිව්වම කරන්න පුළුවන් වුණානම්, ඇයි මෙච්චර දවසක් නොරක හිටියේ. අන්න එතනයි ගැටළුව තියෙන්නේ

අපි ජනතාවට යහපත් දේ කරන්න ඕන. නමුත් රටේ මූල්‍ය ප්‍රතිපත්ති වලට පටහැනි වෙන්න බැහැ. දැන් මේ රටේ ණය පියවන්න තිබෙනවා. කොහොමද මේ ණය ගෙව්වේ. ඒ ණය ගෙව්වේ මේ රටේ තිබුන සංචිත වලින්. ඒ නිසා මේ වනවිට බිලියන් 6.1 ක් දක්වා රටේ සංචිත අඩු වෙලා තිබෙනවා. තවත් බිලයන් 2.3ක් ණය ගෙවන්න තිබෙනවා. ඒවා ගෙවන්න වෙන්නේත් සංචිත වලින්. මේ ප්‍රශ්න විසදන්න නම් අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන.

වත්මන් රජය සමග මම ජාතික ආර්ථිකයක් ගැන කතා කලාම, මෛත්‍රිපාල සිරිසේන එක්ක ඩීල් ගහලා, මහ ගෙදරින් එළියට බැහැලා ගිය කට්ටිය කිව්වේ මම ජාතික ආණ්ඩුවක් හදන්න හදනවා කියලා. අපේ ආණ්ඩුව පැහැර හැරුණේ ඒ කට්ටිය නිසයි. අපිට කා එක්කවත් ඩීල් ගහන්න ඕන නැහැ. අලියා කියන්නේ වැඩකාරයෝ. නමෙන්ම ඒ බව පේනවා. අපෙනුත් වැරදි සිදුවුණා. අපි ඒවා හදාගෙන ජනතාවට සේවය කරන්න ඕන. ජනාධිපතිතුමා කියනවා මේ මාස 8 කට මොනවත් සිදුවුණේ නැහැ කියලා. අද මුදල් ඇමති තමයි අගමැතිත්. එහෙනම් අගමැති ජනාධපති එකතුවෙලා අද කරන්න බැරිවුණ දේවල්, එදා මම මුදල් ඇමති කාලයේ සිදුකලේ කෝහෝම ද.

අපිට ලැබුණේ දනගැස්සුව ආර්ථිකයක්. නමුත් අපි දින 23 කින් රජයේ සේවකයන්ට රු. 10,000 දීමනාව ලබා දුන්නා. තවත් සහන ලබා දුන්නා. අපිට ඔවුන් ඡන්දය නොදුන්න බවත් අපි දන්නවා. දැන් මහ බැංකුව කරන්නේ මහා බැංකු වාර්තාව ලියන එක විතරමයි. ඒකත් දේශපාලනය තුළින් සිදුවන යහපත් දේ ඔවුන්ගේ තීරණ විදියට එළිදක්වන එක තමයි කරන්නේ.

කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ යන්නෙපා. මේ අයට නැවෙන්නේ නැතිව ආර්ථකය විසදන්න පුලුවන්. අපි ඒ දේ ජනතාව වෙනුවෙන් කළ යුතුමයි. ජනතාවගේ රැකියා ප්‍රශ්නය විසදිය යුතුයි. අවම පොළියකට ණය ලබ දියයුතුයි. මේ ප්‍රශ්නය විසදන්න නයාගෙ වල්ගෙන් අල්ලලා බැහැ, ඔලුවෙන්ම ඇල්විය යුතුයි. බැදුම්කරය ගැනම කතා කරලා වැඩක් නැහැ. වැඩ කරන අයට වැඩ කරන්න ඉඩ දෙන්න. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේත්, ඔවුන්ගේ වරම අපට දෙන්න කියලා මේ ගැටළුව විසදන්න” යැයි පැවසීය.

 

Post Views: 1
Previous Post

තරින්ද රත්වත්තේ ඇප මත නිදහස්

Next Post

පාස්කු ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ සියළු පාර්ශවයන්ට දඩුවම් ලබා දිය යුතුයි – නිමල් ලාන්සා කියයි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ සියළු පාර්ශවයන්ට දඩුවම් ලබා දිය යුතුයි - නිමල් ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved