27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ සියළු පාර්ශවයන්ට දඩුවම් ලබා දිය යුතුයි – නිමල් ලාන්සා කියයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පාර්ශවයන්ට තරා තිරම නොබලා නියමිත දඩුවම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජාතික ආරක්ෂාවට මුල්තැන නොදී කටයුතු නොකිරීමේ යහ පාලන ක්‍රියාදමය හේතුවෙන් පාස්කු ප්‍රහාරය සිදුවූ අතර එමගින් වටිනා මිනිස් ජීවිත රාශියක් අහිමි වී ගිය බවයි.

එම නිවේදනයේ මෙසේ සඳහන් කර තිබේ “ තුවාල ලැබූවන් කායික හා මානසික පීඩාවෙන් යුතුව ජීවත් වෙනවා. මේ සියළු දෙනාට සාධාරණය ඉටුවන්නේ ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධවූ සියළු පාර්ශවයන්ට දඩුවම් ලබා දීමෙනි. මේ සම්බන්ධයෙන් පවත්වනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේ පරීක්ෂණ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා කඩිනම්ව සිදු කිරීම පිළිබදව ජනාධිපතිතුමාට සිය ස්තූතිය පළ කරන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

රටත් රටේ ජනතාවත් ආරක්ෂා කිරීමට නොහැකි වූ ජාතික ආරක්ෂාව තඹ දොයිතුවකටවත් මායිම් නොකළ යහ පාලන රජයේ පාර්ශවයන් දෙකඩවීමද දෛවපෝගත සිදුවීමක් වැනිය. අද එම පක්ෂය දෙකඩ වී ජනතා අප්‍රසාදයට පත්වී සිටිනවා. රටේ ජනතාව ආරක්ෂා කිරීමට නොහැකිවූ එම පාර්ශවයන් යළි ජනතා බලය ඉල්ලා සිටීම කණගාටුදායක තත්ත්වයක් බව නිමල් ලාන්සා මහතා පැවසීය.

රටක සංවර්ධනය, ආර්ථික ස්ථායිතාව තුළින් සමෘද්ධිමත් රටක් ඇතිකරලීමට නම් ජාතික ආරක්ෂාවට මුල්තැන දී කටයුතු කළ යුතුයි. වත්මන් ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය දැඩි පාලනයකට යටත් කරගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හා උපදෙස් මත රට සාමාන්‍ය පරිදි විවෘත කර තිබෙනවා. නොසිතු ලෙස පැතිර ගිය මෙම වසංගත තත්ත්වයත් සමග අපට පමණක් නොව ලෝක ආර්ථිකයටම දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම තත්ත්වයෙන් මිදී රටේ ආර්ථිකය නංවාලීමට එළබ ඇති අභියෝග ජයග්‍රහණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබෙනු ඇති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *