27 April 2024
#දේශීය

තරින්ද රත්වත්තේ ඇප මත නිදහස්

රිය අනතුරක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් අශාන් තරින්ද කටුගහ රත්වත්තේ යන අය ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හැරීමට අළුත්කඩේ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පසුගිය 11 වැනි දා රාත්‍රීයේ තුම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදියේ ගැටි අතර එහිදී එක් පොලිස් නිලධාරීයෙක් මිය ගිය අතර අනෙක් නිලධාරීයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර වූ අවස්ථාවේ බීමත්ව සිටි ඔහු අත්අඩංගුවට ගෙන ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අනතුරෙන් මිය ගිය පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේදී ලක්‍ෂ 79 මුදලක් කොල්ලකෑ වෛද්‍යවරයා හඹා ගොස් අත්අඩංගුවට ගත් අයෙකු වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *