ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
විදෙස් රටවලින් පැමිණ කර්මාන්තශාලා ආරම්භ කරන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත් ජනාධිපති සඳහන් කර ඇත.
අද (02) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අවස්ථාවේ ජනාධිපති විසින් මේ අදහස් දක්වා ඇති අතර කර්මාන්ත බිහිවීම පමණක් සංවර්ධනය නොවන බවත් කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බවත් ප්‍රකාශ කර ඇත.
කෘෂි භෝග ආනයනයට ඉඩ නොතබා උඳු, කුරක්කන්, මුං ඇතුළු ධාන්‍ය වගා දිරි ගැන්වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන අතර ඒ අනුව, ඒ – ඒ ප්‍රදේශ ඉලක්ක කර ගොවියා දිරි ගැන්වීමට අවශ්‍ය සහය බැංකුව ගමට ගෙන යාම තමා අපේක්ෂා කරන ඉලක්කය බවත් පවසා ඇති බව වාර්තා වෙයි.