• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි

21 August 2020
in ක්‍රීඩා

ජාතික ක්‍රීඩා සභාව සදහා නව සාමාජිකයින් පත් කිරීම ඊයේ (20) දින ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කලේය.

නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වූ අය වේ.

අමාත්‍යවරයා විසින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පත්වීම් ලද නව සාමාජිකයින් මෙසේය

01. මහේල ජයවර්ධන මහතා – සභාපති

02. කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික

03. ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික

04. රොවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික

05. සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික

06. ජූලියන් බෝලිං මහතා – කමිටු සාමාජික

07. යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා – කමිටු සාමාජික

08. සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික

09. කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික

10. රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික

11. රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික

12. රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික

13. ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික

14. අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වේ.

තවද ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යවරයා හට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර බව ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්‍යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා, ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව අමාත්‍යවරයා විසින් පවසා තිබේ.

 

 

 

Post Views: 7
Previous Post

සෙනසුරාදා සිට විදුලිය අඛණ්ඩව සැපයේ.

Next Post

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය ඇරඹෙයි

editor

editor

Next Post

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved