27 April 2024
#දේශීය

සෙනසුරාදා සිට විදුලිය අඛණ්ඩව සැපයේ.

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ එළඹෙන සෙනසුරාදා (22) සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

එමෙන්ම හෙට (21) දිනය තුළ නොරොච්චෝල විදුලි බලාගාරය, ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පසුගිය 17 වන දින දිවයින පුරා විදුලිය බිඳ වැටීම සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් දිවා කාලයේ පැයකුත් විනාඩි 45ක කාලයක් ද රාත්‍රී කාලයේ පැයක කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පැවසීය.

හෙට (21) දිනය තුළ නොරොච්චෝල විදුලි බලාගාරය, ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බැවින්, ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *