මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අනෙක් 101ක් දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වේ.
ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි. ඒ අනුව මේ වන විට මෙරට වාර්තා වු කොරෝනා රෝගින් ගණන 1186 දක්වා ඉහළ ගොස් ඇත.
සෞඛ්‍ය අංශ අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටියේ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවයේ නියුතු බොහෝ පිරිසකට මෙන්ම ඔවුන් ආශ්‍රීතයින්ට මෙම කොරෝනා රෝගය වැලදී ඇති බවයි.