බදුල්ල මහියංගනය මාර්ගයේ මැඩිතලේ හන්දියේ ඊයේ (09) දහවල් ත්රිරෝද රථයේ රියදුරට රථය පාලනය කර ගත නොහැකිව ප්රපාතයකට පෙරළි අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
එම අනතුරින් එම රථයේ සිටි අවුරුද්දක වයසැති පිරිමි දරුවෙකු මිය ගොස් ඇති අතර රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 06 ක් වන දරුවෙකු හා තවත් කාන්තාවක් තුවාල ලබා බිබිල රෝහලට ඇතුලත් අතර ඇත.
සිද්ධිය සම්බන්දයෙන් බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.