• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරටට ගැලපෙන වැඩි අස්වැන්නක් සහිත දෙමුහුන් බීජ වර්ග ප්‍රචලිත කල යුතුයි – රාජ්‍ය ඇමැති දුමින්ද

3 February 2021
in දේශීය

මෙරටට ගැලෙපෙන වැඩි අස්වැන්නක් සහිත දෙමුහුන් බීජ වර්ග ගොවීන් අතර ප්‍රචලිත කිරීම හා බීජ ආනයනය වෙනුවෙන් වාර්ෂිකව පිටරටට ඇදී යන විශාල මුදල් ප්‍රමාණය මෙරටට ඉතිරි කර ගැනීම මෙහි අරමුණ බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, පරසන්ගස්වැව, අඩුකැටියාව ගම්මානයේ පිහිටි ආරච්චි ග්රීන්ස් බීජ නිෂ්පාදන ගොවිපලෙහි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්ය.

දේශීය මිරිස් බීජ අවශ්‍යතාවය වෙනුවෙන් මිරිස් බී විශාල ප්‍රමාණයක් මෙම ගොවිපල හරහා නිෂ්පාදනය කෙරෙන අතර, අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

වැරනියා හා ගල්කිරියාම මිරිස් ප්‍රභේද ද්විත්වය වගා කර ඒවායේ මවු හා පිය පාර්ශවයේ මල් කෘතීම පරාගනයට ලක් කර මෙරටට ගැලපෙන නව දෙමුහුන් බීජ ප්‍රභේදයක් වන MICH-HY1 යන බීජ ප්‍රබේදය මෙම ගොවිපල තුළ නිෂ්පාදය කරනු ලබයි.මෙම ආයතනය මගින් නිෂ්පාදනය කරන ග්රූම් 10 ක බීජ පැකට්ටුවක් 1500 ක මිලට වෙළඳපොලතුළ අලෙවි වන බවද එහි නිෂ්පාදකයින් අමාත්‍යයවරයාට පැවසීය.

මේ අකාරයෙන් මෙරට නිෂ්පාදනය කළ හැකි බීජ දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදනය කළ හැකි බීජ නිෂ්පාදනය කරමින් පිටරටට ගලා යන විශාල මුදල් ප්‍රමාණය රට ුළ රඳවා ගැනීමට මෙවැනි ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදකයන්ට ස්තූති පුද කළ අමාත්‍යයවරයා අදාළ තාක්ෂණය හා දැනුම තවත් පිරිසකට ලබා දෙන ලෙසද ඉල්ලා සිටියහ.

ඒ මගින් මෙරටට ගැලපෙන නව බීජ ප්‍රභේද හදුන්වාදීම හා වගාවන් සඳහා ගුණාත්මක බීජ ගොවීන් වෙත ලබා දීම හා බීජ ආනයනය වෙනුවෙන් දැරීමට සිදු වන වියදම අවම කර ගොවීන්ට පහසු මිලට බීජ ලබා දීමේ අරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් බීජ නිෂ්පාදන ගොවිපල කීපයක් රජයේ හා පෞද්ගලික අංශය මැදිහත්වීම මත ආරම්භ කරන බවද අමාත්‍යයවරයා පැවසීය. ඒ මගින් නව ව්‍යවසායකයින් පිරිසක් බිහි කිරීම හා රැකියා උත්පාදනයක්ද සිදු කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යයවරයා පැවසීය.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා මෙම නව බීජ නිෂ්පාදන ගොවිපල හරහා නිෂ්පාදනය කරන බීජ ලබා දීමටද කෘෂිකර්ම අමාත්‍යංශය සමඟ සාකච්ජා කරන බවද,ඒ හරහා නව වෙළඳපලක් විවෘත වන බවත්, මෙම ගොවිපල කටයුතු සඳහා අවශ්‍යය නව දැනුම හා තාක්ෂණයද කෘෂිකර්ම අමාත්‍යංශය හරහා ලබා දීමට අවශ්‍යය කටයුතු සිදු කරන බවද රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහිදී පැවසීය.

තිසර සමල් – ඒප්පාවල

Post Views: 18
Previous Post

ශ්‍රී ලංකාවේ ආසියානු කලා උළෙලක් සංවිධානය ගැන සාකච්ඡාවක්

Next Post

විදෙස් සබඳතාවලදී ගමේ චණ්ඩිවගේ හැසිරෙන්න බෑ – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

editor

editor

Next Post

විදෙස් සබඳතාවලදී ගමේ චණ්ඩිවගේ හැසිරෙන්න බෑ - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved