• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස් සබඳතාවලදී ගමේ චණ්ඩිවගේ හැසිරෙන්න බෑ – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

3 February 2021
in දේශීය

ජපානය, ඉන්දියාව වැනි රටවල් සමග පවතින මිත්‍රශීලීත්වයට හානි කොටගෙන අපිට ඉදිරි ගමනක් නොමැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

 රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටිනුයේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

 ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යාමට නම් රාජ්‍ය තාන්ත්‍රිකව පවතින සබදතා වඩාත් ශක්තිමත් කර ගත යුතු අතර ඔවුන් සමග ආයෝජන අවස්ථාවන් ඇති කර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් අපේ රට විශාල ආර්ථික අර්බුදයකට පත්වනු ඇත. ආයෝජන අහිමිවීම හේතුවෙන් අපේ රටට විදේශ විනිමය අහිමිවීම තුළ රුපියල බාල්දු වී, ඩොලරය ඉහළ යාමෙන් භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යනු ඇත. ඒ හේතුවෙන් මිලියන 22 ක් වූ ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම වැළැක්විය නොහැක. එමනිසා රටේ ආර්ථික ස්ථායිතාවයක් ඇති කර ගැනීම සදහා මිත්‍රශීලී රටවල් සමග ආයෝජන අවස්ථා ඇතිකර ගත යුතු බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

 

කොවිඩ් 19 හේතුවෙන් දැනටමත් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම, රට විරුවන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේශන ආදිය සීමා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ආයෝජන අවස්ථාද අහිමි කර ගන්නේනම් රට දැඩි ආර්ථික අර්බුදයකට පත්වනු ඇති බවත් එමනිසා රටට හිතතර ලෙස අයෝජන අවස්ථා පුළුල් කර ගත යුතු බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

 

මීට පෙර මිත්‍රශීලී රටවල් සමග සිදු කරන ලද අයෝජනයන් අපේ රටට ඉතුරු වූ අතර, එලෙස දියුණු කරන ලද කිසිවක් ඔවුන් නැවත රැගෙන නොගිය අතර ඒ සෑම දෙයක්ම අපේ රටේ ජනතාවට හිමි වූ සංවර්ධන ප්‍රතිලාභයන්ය. විවිධ පාර්ශවයන් විසින් මේ රටට පැමිණීමට තිබෙන ආයෝජන අවස්ථාවන් අහිමි කිරීමෙන් මිලියන 22 ක් වූ ශ්‍රී ලංකික ජනතාවට සිදු කරනු ලබනුයේ බරපතල හානියක් බවත් ඒ සදහා ඔවුන් වගකිව යුතු බව අවධාරණය කරයි.

 

ඇතැම් පාර්ශවයන් ගමේ චන්ඩින් මෙන් හැසිරෙමින් හා පුරසාරම් දෙඩීමෙන් රාජ්‍ය තාන්ත්‍රික සබදතාවලට සිදු කරනු ලබන හානිය ඉතා බරපතලය. එසේ සිදු කිරීමෙන් රට විශාල අර්බුදයකට පත්වනු ඇත. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන නායකයින් දෙපළ මේ රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කළ නායකයින් වන අතර ඔවුන් ආයෝජන අවස්ථා තුළින් රටට කිසිදු හානිකර තීරණයක් නොගනු ඇත.

 

ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් දැනටමත් පාඩු ලබන අතර එම රාජ්‍ය ආයතන නඩත්තු කරනුයේ මහජන බදු මුදලනි. එය රටට විශාල වැය බරකි. ඒවා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීමට තිබූ මුදල්ය. මෙවන් තත්ත්වයක් තුළ ආයෝජන අවස්ථා ද අහිමි කර නොගෙන මිත්‍රශීලී රටවල් සමග පවතින සබදතා පුළුල් කර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Post Views: 8
Previous Post

මෙරටට ගැලපෙන වැඩි අස්වැන්නක් සහිත දෙමුහුන් බීජ වර්ග ප්‍රචලිත කල යුතුයි – රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

ජනාධිපති ගත්තේ අමාරු තීන්දුවක් – ඇමැති විමල් කියයි

editor

editor

Next Post

ජනාධිපති ගත්තේ අමාරු තීන්දුවක් - ඇමැති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved