27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ආසියානු කලා උළෙලක් සංවිධානය ගැන සාකච්ඡාවක්

චීන කලා සංගමයේ (කියු) සභාපති කියු සින්ජියන් මහතාගේ ආරාධනයකට අනුව තානාපති ආචාර්ය පාලිත කොහොනා චීන කලා සංගමයට පසුගිය 01 වනදා ගොස් ඇත.

එහිදී වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ආසියානු කලා උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදුව ඇත. ආසියානු රටවල් අතර කලා හා සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙය පැවැත්වේ.

මෙම උළෙලට නර්තනය, සංගීතය, ඡායාරූපකරණය වැනි ඉසව් ඇතුළත් වන අතර අනෙකුත් ආසියානු රටවලින් සහභාගී වන්නන්ට ආරාධනා කරනු ලැබේ. මෙම උත්සවයට චීන සහභාගීවන්නන් 100-150,000 ක් පමණ ගෙන ඒමට CAA බලාපොරොත්තු වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *