වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් ලබන 30 වනදා තෙක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ සෙසු පළාත්වල පාසල් පෙර පරිදි හෙට (27) දිනයේ සිට ක්‍රියාත්මක බවයි.