• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට සීමාවේ

7 June 2021
in දේශීය

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (08) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

ඒ අනුව හෙට (08) වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

හෙට පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 2020 අංක 6 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා හා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.

එදින මධ්‍යහ්න 12.00 සිට පස්වරු 4.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවද දසනායක මහතා කීවේය.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොකෙරෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල් තැබිමක්ද සිදු නොවන බවද මහ ලේකම්වරයා පැවසීය.

මෙම රැස්වීමට සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. ඇල් පීරිස්, වාසුදේව නානායක්කාර, අලි සබ්රි, ප්‍රසන්න රණතුංග මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රන්ජිත් මද්දුම බණ්ඩාර එම්. ඒ. සුමන්තිරන්, ‍‍‍ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද සහභාගී වූහ.

 

 

 

Post Views: 7
Previous Post

ගර්භණි මව්වරුන්ට එළැඹෙන බදදා සිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කරයි

Next Post

USAID ප්‍රදාන මගින් සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර

editor

editor

Next Post

USAID ප්‍රදාන මගින් සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved