27 April 2024
#දේශීය

ගර්භණි මව්වරුන්ට එළැඹෙන බදදා සිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කරයි

දිවයින පුර සිටින අවදානම් සහිත ගර්භණි මවූවරුන් සදහා කොවිඩ් එන්තත ලබා දීම ලබන බදාදා (09)ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලීම මත, මෙම එනනත්කරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේත

සාමාන්‍යයෙන් දිවයින පුරා රෝහල්වල ගැබිනි මවුවරුන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල සදහා වෙයි . ගැබිනි මවුවරුන්ට එන්නත් ලබා දීමෙන් කොවිඩ්වලින් මවුවරුන් ආරක්ෂා වීම සහ නව ජන්ම දරුවන්ටද එමගින් ආරක්ෂාවක් ලැබෙන බවට විශේෂඥ වෛද්‍යවරුන් සංගමය විසින් බලධාරීන් දැනුවත් කළ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද ඊට තහවුරුවක් ලබා දී තිබේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ,මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යකෂ ජනරාල් සුසී පෙරේරා යන මහත්මීන්ගේ මගපෙන්වීම මත බෝවන රෝග පිළිබද උපදේශක කමිටුව විසින් ගැබිනි මවූවරුන්ට එනනත්කරණය කිරීමේ කටයුත්ත ප්‍රමුබ කාර්යක් ලෙස හදුනවා දෙන ලදි ඊට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ ,සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජිව මුණසිංහ ,සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමගද විද්‍යායතනය එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සකච්ඡා කරන ලදී

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *