අත්‍යවශ්‍ය සහ හදිසි නොවන ආනයන භාණ්ඩ 600කට අධික සංඛ්‍යාවක් සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතුව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඉදිරි මාස 6 සඳහා නව ආර්ථික සැලැස්මක් අද (01) එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම සැලැස්මට අනුව කොවිඩ් වසංගතය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිදුවූ හානිය අවම කිරීමට රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඔවුන්, මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය සඳහා වන හිඟ පොලිය පියවීමට එම මුදල යෙදවෙනු ඇත. මේ අතර, වාරික ගෙවා දැමීමට නොහැකි වූ වාහන නැවත පවරා ගැනීමත්, දේපල වෙන්දේසි කිරීමත්, ඉදිරි මාස හයක කාලය තුළ සිදු නොකරන ලෙස මහ බැංකුව සියලු මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.
රටේ බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාවය වැඩි කිරීම කටයුතු කරන බව අධිපතිවරයා මෙහීදී පැවසියත.
ඉදිරි මාස 6 සඳහා නව ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කල කරුණු කිහිපයක් පහත පරිදි වේ.
විනිමය අනුපාතිකය පිළිබඳ සහතිකයක් ලබා දී රුපියල් වටිනාකම මගින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජනය ප්‍රවර්ධනය කිරීම.
අත්‍යාවශ්‍ය ලෙස රුපියල් බවට පරිවර්තනය කිරීමට සිදුවන ඒ ක්‍රියාමාර්ගය දියත් කිරීම.
අපනයන සඳහා බදු සහන
දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වීම.
දැනට පිටරටවල්වලට යන අයට තමන්ගේ මුදල් ගෙනයාමට දී තිබෙන සහන ජනවාරි 01 සිට දිගටම ලබා දීම. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මුදල් ලබා දීම.
අත්‍යාවශ්‍ය නොවන, හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.
2022 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපිත කිරීම.
සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම් අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම සහතික කිරීම.
කල්පිරෙන ණය ගැනීම සහ සෑම අවස්ථාවක දීම ණය නොවන මූලාශ්‍ර හරහා ලැබෙන නව ලැබීම් මගින් පියවීම.
වෙළෙඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරයන් හි සමස්ත නිකුතුව ආපසු මිල දී ගැනීම සඳහා සලකා බැලීම.
ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩුකිරීම.
ස්වෛරීය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගැනීම.
නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම.
මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර 27 ක් අද සිට නැවත ලබා දීම.