• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් කඩිනම් සංවර්ධනයට

14 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි සංදේශ සංවර්ධන ගාස්තු දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉලක්කය බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂධ සේනානායක මහතා පවසයි.

සන්නිවේදනය ජාතික ආර්ථිකයේ ප්‍රබල සාධකයක් බැවින් ලාභාංශවලට සීමා නොවී ජාතික ආර්ථිකය ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති බව ද ඒ මහතා කියා සිටී.

“ගමට සන්නිවේදනය” තේමාව යටතේ අද (14) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

“ගමට සන්නිවේදනය” ජාතික වැඩසටහන යටතේ මේ වසර අවසන්වීමට පෙර දිස්ත්‍රික්ක 10ක බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණ 100%ක් සම්පූර්ණ කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් 2022 අවසන් වීමට පෙර ඉතිරි දිස්ත්‍රික්ක ද ඇතුළත්ව දිවයිනම ආවරණය වන පරිදි බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු සැලසුම් ක්‍රියාත්මක බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

සන්නිවේදන සේවා සපයන්නන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර ඇති අතර ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ ඉදිකෙරෙන කුලුනු සඳහා 50%ක වැය බරක් විදුලි සංදේශ අරමුදල දරණ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

දැනට ඉදිකෙරෙමින් පවතින මෙම සන්නිවේදන කුලුනු මීට පෙර විදෙස් රටවලින් ආනයනය කළ ද වර්තමානයේ දේශීයව නිෂ්පාදනය කිරීමෙන් අලුත් ආර්ථික ක්ෂේත්‍රයක් බල ගැන්වීමට ද හැකි වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ආවරණ කලාපවල සවිකරණ තාක්ෂණික උපකරණ දැනට 4G තාක්ෂණය සඳහා භාවිතා කළ ද ඉදිරියේ දී ඇතිවන තාක්ෂණික විප්ලවය සමග 5G තාක්ෂණයට ගැළපෙන අයුරින් ඒවා සකස් කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියාවල නිරතවීම දියුණු රාජ්‍යයන්හි දක්නට ඇති ප්‍රවණතාවකි. අනාගතයේ දී එය ශ්‍රී ලංකාවට ද අදාළ බවත් කොවිඩ් වසංගතය සමග 40%කින් අන්තර්ජාල සන්නිවේදන සේවා අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවත් අනාවරණය කෙරිණ.

සන්නිවේදන යටිතලපහසුකම් බල ගන්වා විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වීමට කාලය එළැඹ ඇති බව පෙන්වා දුන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එමගින් දැනට පවතින තොරතුරු හා පරිගණක සේවා ක්ෂේත්‍රයේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් වන විදෙස් ඉපැයීම මේ වසර තුළ 1.8 දක්වා වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වන බව ද කියා සිටී. එය 2024 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 03ක් දක්වා සපුරා ගැනීමට හැකිවන බව අනාවරණය කළේය.

නුදුරු අනාගතයේ දී මාර්ගගත අධ්‍යාපනය ෆයිබර් පහසුකම් ඔස්සේ දිවයිනේ සියලු පාසල්වල බලගැන්වීම රජයේ ඉලක්කයයි. ඉංග්‍රීසි, විද්‍යා සහ ගණිත, පරිගණක තාක්ෂණය වැනි විෂයයන් සඳහා ඇති ගුරු හිඟය මගහරවා ගැනීමට සුහුරු පංතිකාමර සංකල්පය ඉවහල් වනු ඇති බවත්, මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව නියාමන ව්‍යාපෘතියක් ලෙස එය අත්හදා බැලීම සිදු කෙරෙන අතර එහි සාර්ථක ප්‍රගතියක් දක්නට ලැබෙන බවත් සඳහන් කෙරිණි.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ සියලු සන්නිවේදන ගාස්තු පහත දැමීමට රජය කටයුතු කළේ “ගමට සන්නිවේදනය” අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් බවයි. විදුලි සංදේශ පනත සංශෝධනයට මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. පැවති ගැටලු නිරාකරණය කර ගැනීමට එය ප්‍රබල සාධකයක් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තාක්ෂණය යහ භාවිතය පිළිබඳ සැලසුම් රටට අවශ්‍ය අතර නව සංශෝධන මගින් cyber security නියෝජිත ආයතනයක් සහ දත්ත ආරක්ෂණ නියාමන ආයතනයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔෂධ සේනානායක මහතා සඳහන් කළේය.

සන්නිවේදන ක්ෂේත්‍රය බල ගැන්වීමේ දී පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ සේනානායක මහතා සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙනයාමේ (Number Portability) සේවාව ක්‍රියාවට නැංවීමේ ඊළග පියවර ලෙස සියලුම දුරකථන ක්‍රියාකරුවන් හරහා මධ්‍යම නිශ්කාෂණ ආයතනය සහ පද්ධති පිහිටුවීමෙන් මෙහෙයුම් රාමුව විධිමත් කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාවලියට අනුමැතිය හිමිව තිබෙන බව ද සඳහන් කළේය.

“ගමට සන්නිවේදන” ව්‍යාපෘති අධ්‍යක්ෂ ශ්‍රියානි මාවැල්ලගේ, අධ්‍යක්ෂ (තරඟකාරීත්ව) ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ යන මහත්ම මහත්මීහු ද මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.

Post Views: 3
Previous Post

ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධි වැඩ නැවැත්විමට අවශ්‍ය පියවර ගන්න

Next Post

දියුණු රටවල් වයස්ගත පුරවැසියන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කලත් ශ්‍රී ලංකාව ඒ අයට ඉහළ අවධානයක් යොමු කළා -සෞඛ්‍ය ඇමති

editor

editor

Next Post

දියුණු රටවල් වයස්ගත පුරවැසියන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කලත් ශ්‍රී ලංකාව ඒ අයට ඉහළ අවධානයක් යොමු කළා -සෞඛ්‍ය ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved