27 April 2024
#දේශීය

ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධි වැඩ නැවැත්විමට අවශ්‍ය පියවර ගන්න

ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධි ධීවර කටයුතු පිළිබද ව ශ්‍රි ලංකාවේ ධීවර කටයුතු භාර අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්දා මහතාගේ ස්ථාවරය තමන් අගය කරන බව ඉන්දීය භාරතිය ජනතා පක්ෂයේ ඡේෂ්ඨ දේශපාලඥ සුබ්‍රමණියම් සාම් මහතා හා ඩග්ලස් දේවානන්දා මහතාට පවසා තිබේ.

මෙම හමුවේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා සුබ්‍රමණියම් සාම් මහතා අතර දීර්ඝ ලෙස ඉන්දීය ධීවරයන් මෙරට සිදු කරන ධීවර සම්පත් ආක්‍රමණය පිළිබදව කරුණු සාකච්ඡා කළ අතර එම කටයුතු නතර කිරීම සදහා ඉන්දීය රජයේ නායකයන් සමග සාකච්ඡා කර විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදි අදහස් දැක්වු සුබ්‍රමණියම් සාම් මහතා පවසා සිටියේ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධි ධීවර ආක්‍රමණය පිළිබදව තමන් අවබෝධයෙන් සිටින බවත් ඒ පිළිබදව රාජ්‍ය සභාවේදි අවස්ථා කිහිපයකදීම කරුණු පැහැදිලි කළ අතර තම පෞද්ගලික මතය වන්නේ ශ්‍රී ලංකා උතුරු මුහුදේ සිදු කරන ට්‍රෝලර් ක්‍රමය වහාම නතර කළයුතු බවයි.

තවද මේ පිළිබදව ඉන්දීය රජයේ නායකයන් සමග සාකච්ඡා කර අපගේ ධීවරයන් මෙරට තුළ සිදු කරණ සියලු ආකාරයේ නීති විරෝධි ධීවර කටයුතු නවතාලිමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *