ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් සහ ආධුනික කාන්තා නාවිකයින් 324 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (16) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර ගියේය.
මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් ඇගයීම උදෙසා එහිදී කුසලාන ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කෙරිණි.
ඒ අනුව, 242 වන බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ටීඒඑන් නිම්නජිත් හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි යූකේසී අකලංක හිමිකර ගන්නා ලදී. තවද, ආධුනික නැවි බීඑම්ටීඑම් කුමාර හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලද අතර, දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ඩබ්එම්ඒඩී බංඩාර විසින් ද දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩබ්ජීඑන්එස් අමරසිංහ විසින්ද හිමි කර ගන්නා ලදී. එම ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම අංශයට හිමි කුසලානය ‘සයුර’ අංශය විසින් හිමි කර ගැනීමට සමත්වන ලදී. තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් වරුණ ෆර්ඩිනැන්ඩස් ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගීවී සිටියහ.
324 well-groomed recruits of 242nd intake pass out in Poonewa
After completion of their basic training, three hundred and twenty four (324) regular and volunteer recruits and women recruits of the 242nd intake of the Sri Lanka Navy, passed out in a colourful ceremony held at the main parade ground of SLNS Shiksha, Poonewa today (16th October 2021).
The ceremony held in accordance with time-honoured naval traditions was graced by Commander North Central Naval Area, Rear Admiral Bandula Seenarathna, as the Chief Guest. Those recruits who remained outstanding in the basic training period, received awards from the Chief Guest, in recognition of their excellent performances.
Accordingly, Recruit TAN Nimnajith was adjudged the Best Recruit of the 242nd intake and Recruit UKC Akalanka won the award for the Recruit with the Highest Aggregate in all subjects. Meanwhile, Recruit BMTM Kumara clinched the award for the Best Marksman where the trophies for the Best Sportsman and Sportswoman went to Recruit WMAD Bandara and Woman Recruit WGNS Amarasinghe. The ‘Sayura’ Division was selected as the Best Division of the 242nd intake. The dignified ceremony was made more attractive by a scintillating performances of the Navy Band and Cultural Troupe.
The proceedings of the event had been organized adhering to COVID-19 protocols to prevent possible transmission of the pandemic. Commandant SLNS Shiksha, Captain Waruna Ferdinandus and a limited group of naval personnel were present on this occasion.