යාපනය, අරියාලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි ඊයේ (19) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්රෑම් 2272කට අධික තොගයක් සහ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය, අරියාලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මක කරන ලදී. එහිදී නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද ඩිංගි යාත්රාවක තිබූ උර 12ක අසුරන ලද වියලි කහ කිලෝ 601 ග්රෑම් 150 ක පමණ තොගයක් සොයා ගැනීමට හැකි වූ අතර, ඒ අනුව එම වියලි කහ තොගය සහ ඩිංගි යාත්රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.
තවද, වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්රියාකාරී යාත්රා බලඝණ මූලස්ථානය මඟින් පුත්තලම, කෝලන්කනත්ත වෙරළ තිරයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් වෙරළ ආශ්රිත ළදු කැලෑවක සඟවා තිබූ ගෝනි මළු 25ක අසුරන ලද වියලි කහ කිලෝග්රෑම් 750ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මේ අතර උතුරු මැද නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ ක්ෂණික ක්රියාකාරී යාත්රා බලඝණයේ නාවික පුද්ගලයින් පිරිසක් එක්ව මන්නාරම, යහප්පර් වෙරළ ප්රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව එම වෙරළ තීරයට ආසන්න මුහුදේ දමා ගොස් තිබූ මළු 10ක අසුරන ලද තවත් වියලි කහ කිලෝ 921 ග්රෑම් 400 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි
Navy takes hold of over 2272kg of smuggled dried turmeric in separate operations
Special operations conducted by the Navy led to the recovery of over 2272kg of smuggled dried turmeric in seas off Ariyalai, Jaffna, beach areas of Kolankanaththa in Puttalam and Yahappar in Mannar on 19th October 2021. The Navy also managed to take hold of a dinghy used for this illegal act, during the operations.
During a special operation in seas off Ariyalai in the morning of 19th October, SLNS Welusumana in the Northern Naval Command got hold of 12 sacks of dried turmeric, weighed about 601kg and 150g, abandoned by smugglers in a dinghy. Accordingly, the dried turmeric consignment and the dinghy were taken into naval custody.
In another operation mounted in the beach area of Kolankanaththa on the same day by Rapid Action Boat Squadron Headquarters in the Northwestern Naval Command 25 sacks of dried turmeric were found from bushes nearby. It is believed that smugglers might have hidden away the turmeric stock, afraid of naval operations. Incidentally, approx. 750kg of dried turmeric stock with wet weight was taken into naval custody.
SLNS Buwaneka in the North Central Naval Command and a group of Rapid Action Boat Squadron personnel in a special operation in the beach area of Yahappar on 19th October grabbed hold of 10 sacks full of dried turmeric abandoned at coastal waters afraid of naval operations. The apprehended stock of dried turmeric weighed about 912kg and 400g with wet weight.
The operation was conducted adhering to COVID-19 protocols and the consignments of dried turmeric and the dinghy held in these operations have been kept in the naval custody until they are produced for onward legal proceedings.