27 April 2024
#දේශීය

ටෙන්ඩර් නැතිව ඇමති කැමති කොම්පැනියෙන් පොහොර – රජිත් කිර්ති

ඇමති කැමති කොම්පැනියෙන්, ටෙන්ඩර් නැතුව රු. බිලියන 9 ක නැනෝ නයිට්‍රජන් මිල දී ලීටර් මිලියන 2.1 ක් මිල දී ගැනීමට ‘කාබනික වගාව‘ නොව ගොවියාගේ බෙල්ල මිරිකලා රටේ කෘෂිකර්මයේ ආදායම සාක්කුවට දමා ගැනීමක් කරන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කෘෂි රසායන – රසායන පොහොර මිලදී ගැනීමට ඩොලර් නැති නිසා ඇරඹූ ඊනියා ‘කාබනික වගා නාට්‍යය‘ ගොවියා කාබාසිනියා කර, ගොවිතැන විනාශ කර තිබෙන බවයි.

දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරලා, රටපුරා පෙළපාලි, පිකටින්, පඹයෝ පුච්චන තැනකට වැටුණා. අර්බුදයක් ඇති කරලා මල්ල පුරවා ගැනීමේ න්‍යාය අද ලංකාවේ දේශපාලන ව්‍යාවහාරය හෙතෙම පැවසිය.

 

හෙට අනිද්දාට, තනි සමාගමකට කෘෂි රසායන ඒකාධිකාරය දෙන්න අවශ්‍ය පරිසරය ගොඩ නගාගෙන යන බවත් ටෙන්ඩර් නැතිව ඇමති කැමති සමාගමකට කෘෂි රසායන ඒකාධිකාරය දෙන්න හදන බව තෙන්නකොන් මහතා පැවසයි.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *