Hope for Sri Lanka – රට ගොඩනගන තරුණ ව්‍යවසායකයා ඔබයි” වැඩසටහන මහරගම තරුණ මධ්‍යස්ථාන පරීශ්‍රයේදී ආරම්භ කෙරිණි.
මෙය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරේ.
මෙහි මුල් අදියරය යටතේ තරුණ ව්‍යවසායකයන් පිරිසක් තෝරා ගැනීමට නියමිත අතර ,ව්‍යාපාරික ක්ෂේත්රයේ සාර්ථකත්වය ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන දැනුම හා පුහුණුවද ලබා දීමේ අරමුණුන් පස් දින (05) නේවාසික වැඩමුළුවක්ද පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා ඇත.
ඉන් අනතුරුව ව්‍යාපාර කටයුතු විධිමත්ව කර ගෙන යාමට අවශ්‍ය ණය හා අනකුත් ප්‍රාග්ධන පහසුකම්ද ලබා දීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා ඇති අතර දෙවසරක කාලසීමාවක් පුරා මෙම කටයුතු අධීක්ෂණය කරමින් උපදේශනයද ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.
ව්‍යාපෘති සඳහා අවශ්‍ය ණය පහසුකම් සැපයීමට ප්‍රාදේශීය සංවර්ධන ,මහජන හා හැටන් නැෂනල් යන බැංකු ඉදිරිපත්ව සිටි.
හරිතාගාර වගා , සුරතල් මත්ස්‍ය , කිරිගව පාලන හා පරිගණක ආශ්‍රීත කර්මාන්ත යනාදි වශයෙන් විශේෂ ව්‍යාපෘති 4ක් හඳුන්වා දීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා ඇති අතර ඉහත ඕනෑම ව්‍යවසායකයකු ලෙස සම්බන්ධ වීමට කැමැත්තක් ඇති අයවලුන්ට මේ සමග එක් විය හැකි බවද ජාතික තරුණ සේවා සභාව පවසයි.
වයස අවුරුදු 18ත්,45ත් අතර ස්ත්‍රී ,පුරුෂ සියල්ලන්ටම මේ සඳහා අයැදුම් කල හැකි බව කියන ජාතික තරුණ සේවා සභාව එහිලා උපාධීධාරීන් , NVQ සහතිකලාභීන් හා වෘත්තීය සුදුසුකම් ඇති අය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවද කියයි .
කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීමය සුදුසුකමක් නැතත් ව්‍යාපාර පිළිබඳව යම් හෝ උනන්දුවක් ඇති අයටද මේ සඳහා ඉදිරිපත් විය හැකි බව ජාතික තරුණ සේවා සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
මේ හා සම්බන්ධ වීමට කැමැත්තක් ඇති ඕනෑම අයකුට තම ව්‍යාපෘති වාර්තාව බව ජාතික තරුණ සේවා ව්‍යවසායකත්ව හා රැකියා උත්පාදන අංශය, අංක 65, හයිලෙවල් පාර , මහරගම යන ලිපිනයට යොමු කළ හැකි අතර, [email protected] විද්‍යුත් ලිපිනයටද යොමු කළ හැක.
011-2837079 අංකය ඇමතීමෙන්ද මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගත හැක.