• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනසභා පිහිටුවීම කල යුතු බව ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී කියයි

25 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රාදේශීය සභා මට්ටමට විධායක බලතල උපරිම වශයෙන් විමධ්‍යගත කිරීම මෙන්ම කොට්ඨාස මට්ටමින් ජනසභා පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැලසීම ඉතා වැදගත් බවට ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී යෝජනා කරයි.

සෑම මැතිවරණයකදීම මහජන නියෝජිතයන් තේරීමේදී කොට්ඨාස ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය පිළිවෙළින් 70% සහ 30% ආකාරයට බෙදීයන ක්‍රමවේදය අනුගමනය කිරීම යෝග්‍ය බව ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පසුගියදා (22) පැවසීය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේ, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා පැවසුවේ ප්‍රාදේශීය සභා මට්ටමට විධායක බලතල උපරිම වශයෙන් විමධ්‍යගත කිරීම සහ කොට්ඨාස මට්ටමින් ජනසභා පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැලසීම ඉතා වැදගත් බවයි.

නව ව්‍යවස්ථාව යටතේ පළාත් පාලන මැතිවරණය මගින් තෝරා පත්කර ගන්නා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ පළාත් කවුන්සිලය පළාත් සංවර්ධන සභාව බවට පරිවර්තනය කළ යුතුය. එම සභාවලට මහජන පරමාධිපත්‍යයට අදාළ විධායක බලතල පමණක් පැවරීම සුදුසු බවත් ඒ මගින් පළාත් සභා මැතිවරණය අහෝසි කිරීම සිදු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දුන්නේය.

පළාත් පාලන බල ප්‍රදේශයක ජන සභාවක ඡන්දදායකයින්ගෙන් තුනෙන් දෙකක බහුතර අත්සන් සහිත ඉල්ලීමක් මගින් අදාළ කොට්ඨාශයේ මන්ත්‍රීවරයාට ලබාදුන් ජනවරම ආපසු ලබාගැනීම සඳහා සහ අතුරු මැතිවරණ පැවැත්වීම සඳහා ප්‍රතිපාදන සැලසීම සිදුකළ යුතුය. සෑම මහජන නියෝජිතයකු විසින්ම මැතිවරණයට නාම යෝජනා බාරදීමට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණයට සති 4කට පෙර එම තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් ජයන්ත සමරවීර මහතා කාරක සභාවේදී යෝජනා කළේය.

මහජන නියෝජිතයකු විසින් මහජනයාට ලබාදෙන පොදු මැතිවරණ පොරොන්දු ලිඛිතව ඉදිරිපත් කළ යුතුය. ඒවා සමාජ ගිවිසුම් ලෙස සැළකීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැනවීම යෝග්‍ය වේ. ඊට අදාළ පැමිණිලි විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඩුල්ලක් පත්කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැනවීමේ අවශ්‍යතාවද හෙතෙම අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනතා පරමාධිපත්‍ය විකෘතිවීම වැළැක්වීම සඳහා ජාතික ලැයිස්තුව මගින් පත්කරන මන්ත්‍රීවරුන් ප්‍රමාණය සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් 5% දක්වා අඩු කළ යුතු බවටද එම පෙරමුණ සඳහන් කළේය.

මැතිවරණයේදී වියදම් කිරීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය සහ වැයකරන ආකාරය දැක්වෙන අය වැය සහිත ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීම සිදු කළ යුතු බවද ඔවුහු යෝජනා කළහ.

ජාතිවාදී සහ ආගම්වාදී නාමකරණය සහිත පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීම සහ පවතින පක්‍ෂවල නම් වෙනස් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද පත්‍රිකා දෙකක් මගින් එකම අවස්ථාවක පැවැත්වීම සහ එම මැතිවරණ භාරකාර රජයක් යටතේ පැවැත්වීම, ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ සහ ප්‍රාදේශිය සභා සහ සියළුම මැතිවරණ සඳහා මැතිවරණ පැවැත්වීමේ කාලසීමා නීතිය මගින් පැනවීම සහ දේශපාලන තීන්දු මගින් ඒවා වෙනස් කිරීමට ඉඩ නොතැබීම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ යෝජනා අතර විය.

ජාතික හෙළ උරුමයද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේය. පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන යන පාලන මට්ටම් තුන සඳහාම කේවල සහ සමානුපාත ක්‍රමයට පත්වන මන්ත්‍රීන් සංඛ්‍යාව 60:40 අනුපාතයකින් යුතුව මිශ්‍ර මන්ත්‍රී නියෝජනයක් ලෙස පැවතිය යුතු බව ඔවුහු අවධාරණය කළහ.

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය සෑම වසර 4 කට වරක් වසරේ නිශ්චිත වකවානුවක් තුළ එක් දිනයක එකවර පැවැත්වීමටද ජාතික හෙළ උරුමය යෝජනා කළේය.

සෑම මැතිවරණයකදීම අපේක්ෂක ලැයිස්තුවේ සියයට විසි පහක කාන්තා නියෝජනය සහතික කළ යුතු අතර, සමානුපාතික නියෝජනයේදී එකී නියෝජනය තුනෙන් එකක් ලෙස සහතික කළ යුතු බවද එම පක්ෂය කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා,මහාචාර්‍ය ජී.එල්.පීරිස්, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්,කබීර් හෂීම්, මනෝ ගනේෂන්, මධුර විතානගේ යන මහත්වරුද සභභාගි වූහ.

නීතිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරිහුද මේ අවස්ථාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් ලබන මස 08 වැනිදා පස්වරුවේ පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

Post Views: 7
Previous Post

දොඩම්ගස්ලන්ද බතික් පුහුණු මධ්‍යස්ථානය ඇමැති දයාසිරි අතින් ජනතා අයිතියට

Next Post

පොලොන්නරු ජනතාව මෙහි උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි – රාජ්‍ය ඇමැති රොෂාන්

editor

editor

Next Post

පොලොන්නරු ජනතාව මෙහි උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි - රාජ්‍ය ඇමැති රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved