27 April 2024
#සංවර්ධන

දොඩම්ගස්ලන්ද බතික් පුහුණු මධ්‍යස්ථානය ඇමැති දයාසිරි අතින් ජනතා අයිතියට

දීප ව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමේ වැඩපිළිවෙළ තුළ තවත් එක් බතික් පුහුණු මධ්‍යස්ථානයක් දොඩම්ගස්ලන්ද ආසනයෙහි රිදීගම,”වරකාවැහැර ජනසළු මධ්‍යස්ථානයේ” දී බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 24) ජනතා අයිතියට පත් කරන ලදී.

බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙහි පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ වයඹ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා පේෂකර්ම ඇගළුම් ආයතනය එක්ව මුදල් අය කිරීමකින් තොරව ජනතාව වෙත මෙම ත්‍රෛමාසික පුහුණුව ලබා දීමට නියමිතය.

ග්‍රාමීය ජනතාව ශක්තිමත් කරන මෙම වැඩපිළිවෙළ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී,රිදීගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති මංජුලා දිසානායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,දොඩම්ගස්ලන්ද ආසන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ආර්.ඩී විමලදාස,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකතුමන්,රිදීගම ප්‍රාදේශීය ලේකම් තුමන්,බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්,ශ්‍රී ලංකා පේෂකර්ම ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂතුමන්,ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමන්,පළාත් පේෂකර්ම සහකාර අධ්‍යක්ෂතුමිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයන් රැසක් එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *