• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් සමයේ ලැබුණ සහයට කොළඹ නැව් තටාංගනයේ ප්‍රධානීන්ගෙන් අගමැතිට පැසසුම්

25 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය පවතින කාලය තුළ නෞකා දෙකක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය උපයා දීමට ලැබුණු සහය සම්බන්ධයෙන් කොළඹ නැව් තටාංගනයේ (Colombo Dockyard PLC) සභාපතිවරයා ඇතුළු නිලධාරී පිරිසක් අද (25) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය ස්තුතිය පුද කළහ.

අමෙරිකානු ඩොලර් මිලියන 35ක අදායමක් හිමිවූ “අල්කා” සහ “ශාන් අල් අරාක්” නෞකා දෙකම කොවිඩ් කාලය තුළ නිෂ්පාදනය කිරීමට කොළඹ නැව් තටාංගනය සමත් වූ අතර එම නෞකා දෙක ලබන 04 වැනිදා එරට දී ඉරාක රජයට භාරදීමට නියමිතව තිබේ.

රජයේ ඉදිරි වැඩපිළිවෙලට සහය වෙමින් නෞකා අලුත්වැඩියාව සඳහා ප්‍රාදේශිය ශාඛාවක් ලබන 02වැනිදා ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කරගනිමින් පළමු වතාවට ආරම්භ කරන බව කොළඹ නැව් තටාංගන ප්‍රධාන විධායක නිලධාරී ඩී.වී අබේසිංහ මහතා මෙහි දී අග්‍රාමාත්‍යවරයා සැළ කර සිටියේය.

ත්‍රිකුණාමලයට අමතරව හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් දැනට පවතින කාර්යාලය ඔස්සේ සිය සේවා ඉදිරියේ දී පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතම විශ්වාසය පළ කළේය.

ප්‍රංශයේ ඔරේන්ජ් මැරීන් සමාගම වෙනුවෙන් අධිතාක්ෂණික නෞකාවක් දැනට නිෂ්පාදනය කරමින් පවතින අතර එය කොළඹ නැව් තටාංගනයේ ඉදිවන දෙවැනි විශාලතම නෞකාව වේ.

එම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 45කි. මෙයට අමතරව නෝර්වේ රාජ්‍ය වෙනුවෙන් පරිසර හිතකාමී නෞකා 6ක සමූහයක් දැනට කොළඹ නැව් තටාංගනයේ නිෂ්පාදනය වේ.

මෙම නෞකා සමූහය භාරදෙන අවස්ථාවට එක්වන්නැයි ද කොළඹ නැව් තටාංගන සමාගම අද අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් ආරාධනා කළේය.

රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් කොළඹ නැව් තටාංගනය 2021 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 100ක සහ 2022 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ප්‍රාදේශිය ශාඛා ඔස්සේ තවත් රැකියා අවස්ථා උත්පාදනය කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී කොළඹ නැව් තටාංගන නිලධාරීන් දැනුවත් කළේය.

කොළඹ නැව් තටාංගන නිලධාරීන් විසින් මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සමරු තිලිණ ප්‍රදානය කළ අතර අග්‍රාමාත්‍යවරයා අතින් කොළඹ නැව් තටාංගන සභාපති හිදෙකි ටනකා මහතාට ද සමරු තිලිණයක් ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, කොළඹ නැව් තටාංගන සභාපති හිදෙකි ටනකා, ප්‍රධාන විධායක නිලධාරි ඩී.වී අබේසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කේ.බී.පී ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරි එස්.ජී සේනාධීර, පරිසර නිලධාරි සුපුන් එස්. පතිරගේ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 0
Previous Post

සංචාරකයන් ගෙන්වා ගැනීමට විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් – ඇමැති ප්‍රසන්න

Next Post

ජනපති අතගහලා තියෙන්නේ හැමෝම බෑ කියන දෙයටයි – මන්ත්‍රී සාගර

editor

editor

Next Post

ජනපති අතගහලා තියෙන්නේ හැමෝම බෑ කියන දෙයටයි - මන්ත්‍රී සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved