27 April 2024
#දේශීය

ජනපති අතගහලා තියෙන්නේ හැමෝම බෑ කියන දෙයටයි – මන්ත්‍රී සාගර

මුළු ලෝකයම පරද්ද වන්න බෑ කිව්ව කෘරිරුතම ත්‍රාස්තවාදය පරාජය කරලා ලංකාවට සාමය ගේන්න අපට හැකියාව ලැබුණා සේම කාර්යයකටමයි ජනාධිපතිවරයා අතගහලා තිබෙන්නේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද( 25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය ” ඊයේ දිනයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ප්‍රකාශක් කළා. ඒ ප්‍රකාශය තමයි 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ තියෙන වැරදි ක්‍රමවේද නිවැරදි කරලා හරිදේ කරන්න මිසක් මේ යන වැරදි ක්‍රමවේද එසේම පවත්වාගෙන යාමට නොවේ. මේ අවස්ථාවේ මේ රටේ ජනතාවගේ වගකීමක් හා යුතුකමක් තිබෙනවා එතුමන් කරන්න හදන සත්කාරයට සහය දෙන්න කියලා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා 30 වසරක පැවති යුද්ධය අවසන් කරන්න තීරණය කළ අවස්ථාවේදීත් මේ ආකාරයටම අපේ රටේ විවිධ එන්ජිඕවල මැදිහත්වීමේන් විවිධ කල්ලි කණ්ඩායම් යුද්ධ විරෝධි මානසිකත්වයක් මාවා පන්න කටයුතු කළා. මේ වගේ කල්ලි කණ්ඩායම්වල බලපෑමට සමහර ජනතාව අවනත කරගන්න උත්සහ දරන ක්‍රමදෙයක් ඒ කාලයේදීත් තිබුණා. නමුත් ඒ අවස්ථාවේදීත් නිවැරදි තීරණ අරගෙන නිවැරදිව කටයුතු කරලා ඒ මුළු ලෝකයම පරද්ද වන්න බෑ කිව්ව කෘරිරුතම ත්‍රාස්තවාදය පරාජය කරලා ලංකාවට සාමය ගේන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒවගේම කාර්යයකටමයි එතුමා අතගහලා තිබෙන්නේ.

වසරකට ඉතා විශාල ප්‍රමාණයක් වකුගඩු රෝගය සහ පිළිකාර රෝගයෙන් මිය යනවා. මෙයට මූලික හේතුව ලෙස වෛද්‍යවරුන් දක්වන්නේ රසායනික පොහොර භාවිතය නිසා කියලා. මේ දේ නතර කරන්න කවුරු හෝ කටයුතු කරන්න ඕන. ඒක ජනප්‍රිය තීන්දුවක් නොවෙන්න පුළුවන්. නමුත් මෙය ජනතාවාදී තීන්දුවක්. මේ රටේ ජනතාව වෙනුවෙන් තරුණ පරපුර වෙනුවෙන් අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් සහ තීරණයක්. මම හිතන්නේ මේ අවස්ථාවේ මේ තීරණයට ශක්තීය දීම, මේ තීරණය සමඟ සිට ගැනීම මේ රටට ආදාරය කරන ජනතාවගේ වගිකීමක් සහ යුතුකමක් වෙනවා.

මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කළේ අපේ රජය නොවේ. ඒ සඳහා කොමිසම පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. පාස්කු කොමිසමේ හිටපු කොමසාරිස්වරුන් සමඟ “බුරියානි කෑවා” කියලා හරි විවිධ ග්‍රාම්‍ය කතාවක් කරලා තිබෙනවා. ඒ වගේ දෙයක් කරානම් එයට වගකියන්න ඕනෙත් හිටපු ජනාධිපතිතුමා කියන එකයි අපේ මතය. කෙසේ වුවත් අපි නම් විශ්වාස කරන්නේ නෑ එම කොමිසමට පත් කරපු පුද්ගලයින් එවැනි දෙයක් සිදු කරයි කියලා. නමුත් මේ රටේ නිතිය අනුව ජනාධිපති කොමිසමක් පත්කළාම එම කොමිසමට දඩුවම් දීමේ බලයක් නෑ. ඔවුන්ට හැකියාව තිබෙන්නේ ඒ සමබන්ධයෙන් නිරික්ෂණ ඉදිරිපත් කිරීමට පමණයි. එම නිර්ක්ෂණ නිතිපතිවරයාට සහ අදාල විමර්ශන නිලධාරීන්ට වෙත ඉදිරිපත් කිරීම තමයි කළ හැක්කේ. අපේ රජය ඒ සියලු කටයුතු ඉටු කරලා තිබෙනවා. එතින් එහා පියවර ගන්න ඕන නීතිය සුරකින අංශ මිසක් දේශපාලඥයින් නොවන බව අපි තේරුම් ගත යුතු කාරණයක්.” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *