• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආගමික උමතු අන්තවාදය පරාජය කිරීමට පෙරට එන ලෙස ලෝකවාසීන්ට ආරාධනා කරන – ජවිපේ

6 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාක්ස්ථානයේදී ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ප්‍රියන්ත සොහොයුරාගේ දේහය මේ වනවිට ලංකාවට ගෙන ඒමට සූදානමින් සිටිනා බවත් ලංකාවේ සහ බොහෝ රටවල ආගමික උමතු අන්තවාදය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය. “මේ අන්තවාදය මොන තරම් ම්ලේච්ඡද? මිනිසුන් ඝාතනය කරන්න, ඝාතනය කර ගිණි තබන්න, ගිණි තබා ඔල්වරසන් දෙන්න තරම්ම උමතු ම්ලේච්ඡ තැනකට අන්තවාදය තල්ලුවී තිබෙනවා. ප්‍රියන්ත සොහොයුරාගේ ඝාතනයෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේත් ලෝකයේත් මානවවාදයට ගරු කරන, මිනිස් සංහතියේ අනාගතය ගැන විශ්වාස කරන සෑමදෙනාම උමතු ම්ලේච්ඡ අන්තවාදයට එරෙහිව පෙරට ආ යුතු බවයි. ආගමික නායකයින්ට මෙහිදී විශාල කාර්යභාරයක් තිබෙනවා. සෑම ආගමක්ම තමන්ගේ අධ්‍යාත්මයේ හිත සුව පිණිස නිර්මාණයවී තිබුණත් ඒ ආගම්වලට මුවාවී අන්තවාදයේ දිශාවට ගමන් කිරීම නිසා මෙවැනි ඝාතනයන් සිදුකරමින් තිබෙනවා.

අපි එම ඝාතනය පිළිබඳව සංවේගය පළ කරනවා වගේම අද පාර්ලිමේන්තුවේදී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් පාර්ලිමේන්තවේ ඇතිවුණු විශේෂ තත්වයක් හේතු කොටගෙන ඒ අවස්ථාව වැළකී ගියා. පාකිස්ථාන රජය මෙම අපරාධකරුවන්ට උපරිම දඬුවම් අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. ඒ වගේම පාකිස්ථානයේ ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රැකවරණය සහතික කළයුතුයි. මෙහිදී ශ්‍රී ලංකා රජයට කාර්යභාරයක් තිබෙනවා. පාකිස්ථානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න පාකිස්ථානු රජය සූදානම් නැත්නම් එහි සිටින ලාංකිකයන් වහාම ලංකාවට කැඳවිය යුතුයි. මෙවැනි ම්ලේච්ඡ ඝාතනයකට කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලක් නොවිය යුතුයි.

මෙවැනි අන්තවාදී උමතුවකට මෙයට පෙරත් ලංකාව මුහුණ දුන්නා. 2019 අප්‍රේල් 21වැනිදා ආගමික අන්තවාදයේ උමතුව පාස්කු ප්‍රහාරය හරහා සමාජයට නිරාවරණය වුණා. එහිදීී විශාල පිරිසක් ඝාතනයට ලක්වී තවත් පිරිසක් ආබාධිතත්වයට පත්වුණා. ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු ආගමික අන්තවාදයේ උමතුවට තවදුරටත් ගොදුරු නොවිය යුතුයි. ඒ වගේම යළි විවිධ අන්තවාදී ඝෝෂාවන් රට තුළ කරලියට එන බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා රජයටත් පුරවැසියන්ටත් අන්තවාදය පරාජයට පත්කිරීම, මර්දනය කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකළ යුතුව තිබෙනවා.

ප්‍රියන්ත සොහොයුරාගේ වෘත්තීයමය හැකියාව සහ දක්‍ෂතාවය පකිස්ථානයේ කර්මාන්ත ශාලා තුළ දියත් කරමින් තිබුණා. එවැන්නෙක් තමයි මේ ම්ලේච්ඡයන්ගේ ගොදුරු බවට පත්වුණේ. අපේ රටේ බලය ලබාගැනීම වෙනුවෙන් සහ බලය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් මෙවැනි අන්තවාදයන් නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩදී තිබුණා. පක්‍ෂයක් හැටියට අපගේ සංවේගය ප්‍රියන්ත සොහොයුරා වෙනුවෙන් පළකරනවා වගේම ආගමික අන්තවාදයේ උමතුව පරාජය කිරීම සඳහා අපේ පැත්තෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම පාකිස්ථාන් රජයට අපි නැවත නැවතත් බලකර කියා සිටින්නේ මෙම අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි. ඒ වගේම මෙවැනි අන්තවාදයන් පරාජය කිරීම සඳහා ලෝක වාසීන්ට එකතු වන ලෙස ආරාධනයයක් අපි කරනවා.

අද(06) පාර්ලිමේන්තුවේදී ඇතිවුණු විශේෂ තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි. වර්තමාන කතානායකවරයා අතිශයින්ම පක්‍ෂග්‍රාහීයි. ඔහු ආණ්ඩුව නියෝජනය කරන කතානායකවරයෙක් බව ඔප්පුවී හමාරයි. ඔහුගේ පක්‍ෂපාතිත්වය, නිරන්තරයෙන්ම තමන්ගේ කඳවුර ගැන සිතමින් තීරණ ගැනීම සහ පෞරුෂත්වයක් නැතිකම විසින් පාර්ලමේන්තුවේ විශාල අරාජිකත්වයක් නිර්මාණයවී තිබෙනවා. කාරකසභා අවස්ථාවේදී විවාදයක් පවත්වාගෙන යා යුතු වන්නේ කලින් දැනුම්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් වැය ශීර්ෂයක් කපා හැරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පමණයි. එසේ නැත්නම් එම වැය ශීර්ෂයම අහෝසි කළ යුතුයි කියා යෝජනාවක් ගෙන ආ යුතුයි. එවැනි යෝජනාවක් විපක්‍ෂයෙන් ගෙන ඒම ස්ථාවර නියෝග අනුව පිළිගෙන තිබෙනවා. එවැනි යෝජනාවක් ගෙන එන්නේ නැත්නම් කාරකක සභා අවස්ථාවේදී විවාදයක් පැවැත්වෙන්නේ නැහැ. එම වැය ශීර්ෂය විවාදයකින් තොරවම සම්මත වෙනවා.

එවැනි යෝජනාවක් නැතිව ස්ථාවර නියෝග කඩකරමින්, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, මන්ත්‍රීවරුන්ගේ අයිතීන් කිසිවක් නොසළකා කටයුතු කරමින් සිටිනවා. ඔහු මුළුමනින්ම පෙනී සිටින්නේ තමන්ගේ කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් පමණයි. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම බරපතළ වියරුවකට පත්වී තිබෙනවා. සෑම පැත්තෙන්ම ආණ්ඩුව අසාර්ථකභාවයට පත්වන විට, ආණ්ඩුවේ වංචා-දූෂණ ජනතාවට හෙළිකරව් වනවිට, පොහොර ප්‍රශ්නය පාර්ලිමෙන්තුවේ ඉදිරිපත් කරන විට, ගෑස් අර්බුදය, භාණ්ඩ මිල ඉහළ යාම, වැනි ප්‍රශ්න ඉදිරිපත් කරන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වියරුවෙන් මඩ ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී තිබෙනවා. ආණ්ඩුව සංයමයකින් යුතුව අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ නැත්නම් පාර්ලිමේන්තුව තවදුරටත් පලක් නැති තත්වයට පත්වීම වළක්වන්න බැහැ. කථානායකවරයා වහාම ස්වාධීනත්වයට ආ යුතුයි. සියලු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය සහ අයිතීන් ආරක්‍ෂා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතුයි. එසේ නොකරන්නේ නම් පාර්ලිමේන්තුවේ පැවැත්ම පිළිබඳව සහ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් පිළිබඳව විශාල තර්ජනයකට ලක්වෙනවා. ඒ නිසා කතානායකවරයා වහාම සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ආරක්‍ෂාකරන භූමිකාවට පණ පොවන්න ඕනෑ. පක්‍ෂග්‍රාහීව ක්‍රියා කරන එක වහාම නතර කළ යුතුයි කියලා අපි බලකරනවා.

බුදු දහම මෛත්‍රීය මත පදනම් වූ අවිහිංසාවාදී දහමක්. බුදු දහම පැතිරවීම වෙනුවෙන් හෝ එය වැළඳ ගැනීම වෙනුවෙන් කිසිදු බලකිරීමක්, ආක්‍රමණයක් හෝ ගැටුම්කාරී තත්වයක් ඉතිහාසයේ කවදාවත් මතුවුණේ නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයෙන් අපේ රටේ සංස්කෘතියක්, ශිෂ්ඨත්වයක්, සංවිධිතභාවයක් නිර්මාණය කළා. ඒ සංස්කෘතියත් එක්ක බැඳීමෙන් ශ්‍රේෂ්ඨ ප්‍රෞඩත්වයක් අපට හිමිවුණා. අද සිදුවී තිබෙන්නේ බුදු දහමට මුවා වෙමින් ඒ අනගිතම හර පද්ධතිය විනාශ කරමින් විවිධාකාරයේ කණ්ඩායම් කරලියට ඇවිත් සිටිනවා. ඔවුන්ගේ හැසිරීම්, ඔවුන්ගේ වාග් ප්‍රහාරය මුළුමනින්ම බුදු දහමට කරන නිගාවක්. හැබැයි ජනාධිපතිවරයා තමන්ගේ නීති සම්පාදනය කරන කමිටුවල ප්‍රධානීන් බවට පත්කර ගන්නේ එවැනි කණ්ඩායම්. එයින් පෙන්නුම් කරන්නේ අපේ රටේ නීතිය සහ යහපාලනය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැක්මේ ස්වභාවයයි. ඒ නිසා ජනාධිපතිවරයාගේ නීති සම්පාදකයන් පිළිබඳව දැන්වත් නැවත කල්පනා කළ යුතුයි. එසේ නොවුණහොත් මේ රටේ අනාගතය පිළිබඳව බරපතල තත්වයක් ඇති වෙනවා.

ආණ්ඩුව විටෙක අන්තවාදයත් තවත් විටෙක වෙනත් ගැටුම්කාරී කණ්ඩායම් උපයෝගී කර ගනිමින් ඇත්ත ප්‍රශ්න යට කරමින් සිටිනවා. අද ජනතාව මුහුණ දෙමින් සිටින කිසිදු පොදු ගැටළුවකට පිළිතුරු දීමට අසමත්වී තිබෙනවා. ඒ නිසා නැවත වතාවක් මේ පාලකයන් පැරණි පන්නයේ අන්තවාදී සහ ගැටුම්කාරී ප්‍රවණතාවයන් වර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා. නැවත එවැනි තත්වයකට යාමේ ආණ්ඩුවේ උත්සාහයන් ජනතාව පිළිගනීවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. සිදුවී තිබෙන දේවල් ජනතාව තේරුම් අරගෙන තිබෙනවා.

ගෑස් ආශ්‍රිතව අපේ රටේ ඇතිවී තිබෙන ගැටලු කිසිවක් ස්වභාවිකව ඇතිවූ දේවල් නෙවෙයි. මේ සියල්ල පාලකයන් විසින් නිර්මාණය කරන ලද ගැටලු. ගෑස්වල සංයුතිය වෙනස් කිරීම, සිලින්ඩරයේ බර අඩු කිරීම, මිල වෙනස් කිරීම යන ප්‍රෝඩාවන්ට ආණ්ඩුව ඉඩ දුන්නා. සහල් මිල වැඩිවීමේදී, සහල් මාෆියාව කියලා කෑ ගහනවා. නමුත් ආණ්ඩුව සතුව තිබෙන ප්‍රධානම ගෑස් සමාගම කරන ලද ප්‍රෝඩාවන් සියල්ල ආණ්ඩුවේ අනුදැනුම සහ මෙහෙයවීම මත සිදුවූ දේවල්. මේ නිසා ගිනි ගැනීම්, පිපිරී යෑම් දක්වා ප්‍රශ්නය වර්ධනයවී තිබෙනවා. මේ ප්‍රශ්නයට ආණ්ඩුව අරගෙන තිබෙන ක්‍රියාමාර්ග කිසිවක් විධිමත් හෝ විද්‍යාත්මක නැහැ. ගෑස්වල රසායනික අනුපාතයන් වෙනස් කිරීමෙන් පුරවැසියන් අමාරුවේ දැමීම සිදුකර තිබෙනවා. විවිධ අය විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් මරණවා. ආණ්ඩුවේ වගකීම ජනතාවට නිසි පිළිතුරක් ලබාදීමයි. ජනතාව මෙතරම් අනතුරකට පත්වී තිබියදී පාලකයන් කිසිදු සැලිල්ලක් නැතිව ඉන්නවා. මෙම සිදුවීමෙන් පවා පෙන්නුම් කරන්නේ මේ රටේ පුරවැසියන්ගේ ජීවිත සහ ආරක්‍ෂාව පිළිබඳව අබමල් රොණක තරම්වත් හැඟීමක් පාලකයන්ට නොමැති බවයි. මේ තත්වය ඇතිවුණේ කෙසේද කියලා නිසි පරීක්‍ෂණ පවත්වා පිළියම් යොදන ලෙස අපි බලකර සිටිනවා.

Post Views: 5
Previous Post

ආබාධිත තරුණ තරුණියන් සදහා වන පළමු දෙමළ මාධ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට

Next Post

රටම අදුරේ තැබු සිද්ධිය ගැන අපක්ෂපාති පරික්ෂණයක් කරන්න – ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉල්ලයි

editor

editor

Next Post

රටම අදුරේ තැබු සිද්ධිය ගැන අපක්ෂපාති පරික්ෂණයක් කරන්න - ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved