වර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වීමට හැකි නම් එය නිවැරදි කිරිමට සෞඛ්‍ය අංශ කිසිදු අයුරකින් පසුබට නොවන බවද ඒ පිළිබද සාකච්ඡා කිරිමට ඕනෑම මොහොතක සූදානම් බවද අමාත්‍යවරයා පැවසිය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෛද්‍ය වැඩ වර්ජනය පිළිබද අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන්, මාරවීම්, උසස්වීමි වැනි කිසි දේකට දේශපාලන මැදිහත්වීමක් නොමැති බවද පැහැදිලිව ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
දේශපාලන මැදිහත්වීම් මත මේ දේවල් සිදුව ඇති බවටත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා මේ සදහා මැදිහත්ව ඇති බව කවුරුන් හෝ පවසන්නේනම්, ඒ බව පෙන්වීමටම කටයුතු කරන්නේනම් තමන් ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්නත් සූදානම් බව හෙතෙම කියා සිටියේය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන් මේ වනතෙක් එවැනි කිසිම දේකට සම්බන්ධව නොමැති බවයි. මේ සම්බන්ධව ඇතමුන් ඉල්ලීම් සිදු කළත් යම් වැඩපිළිෙවළකට අනුව එම ක්‍රියාවලිය සිදුවන බැවින් තමන්ට එවැනි දේ සිදු කිරීමට නොහැකි බව තමා ප්‍රකාශ කර ඇති බවත්, දේශපාලන ඇගිලි ගැසීම් සිදු වන බවට සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් ජනතාව මුලාකරන ප්‍රකාශයක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේ නොමැති නම් තමන්ගේ යම් කිසි අඩුපාඩුවක් වසා ගැනීමට අනෙක් අයට ඇගිල්ල දිගු කරන වැඩපිළිෙවලක් හැටියට තමා එය දකින බවද අමාත්‍යවරයා පැවසිය.