ලෝකයෙන් තාක්ෂණික මෙවලම් ගෙනැවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට ලෝකයට නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජාතික විද්‍යා පදනම සංවිධානය කළ විද්‍යා ප්‍රවර්ධනය උදෙසා වන NSF සම්මාන උළෙල 2026 සැප්තැම්බර් 18 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. AI for Safety and Resilience යන තේමාව යටතේ පැවති උළෙලේදී පාසල් සිසුන්, ගුරුවරුන්, විද්‍යාඥයන් සහ මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කෙරිණි.
කෘත්‍රිම බුද්ධිය වගකීමෙන් නිර්මාණය කර භාවිත කිරීමෙන් ආපදා පූර්ව සූදානම හා ප්‍රතිචාර ශක්තිමත් කිරීමටත් මහජන හා පරිසර ආරක්ෂාව වැඩිදියුණු කිරීමටත් තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමටත් දායක විය හැකි බව අගමැතිනිය සඳහන් කළාය.














