මාතලේ වතු ආශ්‍රිතව පාසල් යන වයසේ අවුරුදු 05ත් 16ත් අතර ළමුන් සියයකට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය නොලබන තත්වයකට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ලංකා කම්කරු සංගමයේ හිටපු මහ ලේකම් වේලායුදම් විරසිංහම් මහතා පවසයි.
වර්තමානයේදි සමාජයේ බහුලව වාර්තවන දරුවන් අපයෝජනය,සහ මෙහෙකාර සේවයේ යෙදවිම් පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරසිංහම් මහතා මේ බව පැවසිය
වැඩිදුරටත් හෙතෙම කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇතුලු ප්‍රදේශවල පාසල් යන වයසේ දරුවන් පාසල් අධ්‍යාපනය අතරමග නතර කර ඇති බවත් මේ සදහා කරුණු ගණනාවක් බලපාන බවය.
දෙමාපියන්ට ආර්ථික ශක්තියක් නොමැතිකම, පියා බිමත්ව හැසිරිම,මව විදේශගත විම ඇතුලු සමාජ ප්‍රශ්න ගණනාවක් පවතින බවය.මේ තත්වයට ග්‍රාමිය මට්ටමේ සිටින නිලධාරින් වගකිව යුතුයි.එසේම පාසල් වෙත නොපැමිණෙන දරුවන් පිළිබදව අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පංති බාර ගුරුභවතුන් දැනුවත් විය යුතුයි.හිටපු අමාත්‍යවරයාගේ නිවසේදි හිෂාලිනිට ඇතිවු තත්වය තවත් අයෙකුට ඇති නොවිය යුතුයි.මේවා අපට වාර්තාවන සිද්ධින් මේ වගේ සිද්ධින් සමාජයේ වාර්තා නොවන ඒවා බොහොමයක් තියනවා.විශේෂයෙන් කොරොනා තත්වය නිසා මේ වන විට පාසල් අධ්‍යාපනය කඩා වැටෙමින් තියනවා.පාසල්වල අධ්‍යාපන ලැබු අඩු අධ්‍යාපන මට්ටමක් සහිත දරුවන්ගේ අධ්‍යාපනය තවත් අඩාල වෙනවා.මේ වන විට වතුකරයේ දරුවන් සදහා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කිරිමේදි අවශ්‍ය පහසුකම් නොමැතිකම නිසා මේ වන විට දෙමාපියන් දරුවන් දැඩි පිඩාවට පත්වෙලා.දරුවන්ට නිසි අධ්යෘපනයක් ලබා දිම වගේම ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත කිරිමට ජනතාව මහත් වෙහෙසෙක් දරනවා.නමුත් වතුකරයේ විශාල පිරිසක් අධ්‍යාපනය අතහැර වෙනත් ආදායම් මාර්ග සොයා යමින් මෙවැනි මෙහෙකාර සේවය ,වෙළදැසල්වල සේවය කිරිම ඇතුලු වෙනත් ක්‍රම ඔස්සේ සමාජ විරෝධි ක්‍රියාවන් සදහා යොදවනවා.මේ තත්වය ඇති නොවිමටත් දැනට වතු ජනතාවට බලපා ඇති මෙවැනි සිද්ධින් පිළිබදව සොයා බැලිම සියලු බලධාරින්ගේ වගකිමක් හා යුතුකමක් බවද විරසිංහම් මහතා වැඩිදුරටත් පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න