• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණය මගින් පාලනයට හැකි වුණා – ජනපති

26 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (25) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති “සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය” අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක, නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා සෑම තැනකම, සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බව රාජ්‍ය නායකයන් හමුවේ යළි අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහත්වරු විවාදය සමාරම්භයේ අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණයේ ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සඳහන් කළහ.

විවාදයේ පළමුවන වටයේ දී එන්නත් නිෂ්පාදනයේ දී සහ බෙදාහැරීමේ දී මතුව ඇති අභියෝග, ගුණාත්මකභාවය, අඩු ආවරණයක් සහිත රටවල අවශෝෂණ ධාරිතාව, බෙදාහැරීමේ අනුපාතය වැඩිදියුණු කිරීම සහ සැපයුම් පුරෝකථනය සහතික කිරීම පිළිබඳ කතිකාවට ලක් කෙරිණ.

විවාදයේ දෙවන වටයේ දී වර්තමාන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නවෝත්පාදන සහ විසඳුම් හඳුනාගැනීම සිදුකරන අතර ගෝලීය එන්නත්කරණ සඳහා වේගවත්ව ක්‍රියාත්මක වීම අපේක්ෂා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය, එන්නත් සන්ධානය වන ‘ගවි’ (GAVI) හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙත් බර්ක්ලි (Seth Berkley) සහ රාජ්‍ය නායකයන් රැසක් සමුළුව ඇමතූහ.

 

සර්ව එන්නත්කරණය කඩිනම්කිරීම සම්බන්ධයෙන් වන ඉහළ පෙළේ තේමාත්මක විවාදයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව

සභාපතිතුමනි,
රාජ්‍ය නායකයිනි,
සම්භාවනීය නියෝජිතයිනි,

මෙම විවාදය කැඳවීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අතිගරු අබ්දුල්ලා ෂාහිඩ් (Abdulla Shahid) මහතා මූලිකත්වය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව අගය කොට සලකනවා.

කොවිඩ් – 19 වසංගතයෙහි අඛණ්ඩ ව්‍යාප්තිය සෑම රටකටම බරපතළ ගැටලුවක්ව පවතී.

ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාව අසමාන ලෙස පවතින අවස්ථාවක, නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතී.

පසුගිය වසරේ මහා මණ්ඩල රැස්වීමේ දී මා ප්‍රකාශ කළ පරිදි, සෑම තැනකම, සෑම කෙනෙකුමටම එන්නත්කරණය සිදු කිරීම සහතික කරලීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගයයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ 2021 ජනවාරි මාසයේ දීය. එනම් ප්‍රථමයෙන් එන්නත් ලබාගැනීමට හැකි වූ වහාමය. එය කොවිඩ් – 19 මරණ වැළැක්වීමට, රෝගාතුර බව අවම කිරීමට සහ සම්ප්‍රේෂණය වැළැක්වීමට මෙන්ම මහජන සෞඛ්‍ය ඉලක්ක ආරක්ෂා කරමින් සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමේ මූලධර්ම මත මූලධර්ම මත ගත් පියවරකි.

අපි, සෞඛ්‍ය සේවකයින්, රෝග කිහිපයක් සහිත පුද්ගලයන් සහ වැඩිහිටියන් යන කාණ්ඩ වෙත එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය ලබා දෙන, අවදානම් මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කළෙමු.

2022 ජනවාරි මස වන විට, වයස අවුරුදු 12 ට වැඩි සෑම පුරවැසියෙකුටම COVID-19 එන්නත ලබාගැනීමට ඉඩ සලසා ඇති අතර, එන්නත්කරණය ලබාගැනීම කෙරෙහි ඇති උනන්දුව රට පුරා ආදර්ශමත්ව දක්නට ඇත.

මෙම වසරේ පෙබරවාරි මස 15 වන දින වන විට, සුදුසුකම් ලත් ජනගහනයෙන් 95% ක් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇති අතර, 80% ක් සම්පුර්ණයෙන් එන්නත්කරණය කර ඇත.

සම්පූර්ණයෙන් එන්නත් කළ අයගෙන් 44% කට බූස්ටර් මාත්‍රාවක් ද (තුන්වන මාත්‍රාව) ලබා දී ඇත.

වසංගතයෙන් අහිමිවූ ඉහළ මානව සම්පත හැරුණුකොට, මෙම පියවරයන් අනුගමනය කිරීම මඟින් ශ්‍රී ලංකාවට වසංගතයෙන් ඇතිවන විනාශකාරී තත්වයන් විශාල වශයෙන් පාලනය කිරීමට උපකාරී වී ඇත.

සෘජුවම හෝ COVAX පහසුකම හරහා එන්නත් පරිත්‍යාග කළ ජාතීන්ගේ පරිත්‍යාගශීලීභාවය

ශ්‍රී ලංකාව අගය කරයි. එමඟින් ශ්‍රී ලංකාව නිෂ්පාදකයින්ගෙන් සෘජුවම මිලදී ගත් බහුතර එන්නත් ඇතුළු සමස්ත එන්නත් ප්‍රමාණය ඉහළ නංවා ඇත.

මානව වර්ගයාගේ යහපත සඳහා සමස්ත එන්නත්කරණය කඩිනම් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස මම සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටිමි.

Post Views: 0
Previous Post

සබරගමුව පළාතේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ කාන්තා සභිකවරියන් සඳහා විශේෂ වැඩමුළුවක්

Next Post

රැකියා ඉල්ලුමට අනුව වෘත්තීය නිපුණ ශිල්පීන් බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබද කුරුණැගලදී සාකච්ඡාවක්

editor

editor

Next Post

රැකියා ඉල්ලුමට අනුව වෘත්තීය නිපුණ ශිල්පීන් බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබද කුරුණැගලදී සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025

Recent News

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved