27 April 2024
#දේශීය

රැකියා ඉල්ලුමට අනුව වෘත්තීය නිපුණ ශිල්පීන් බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබද කුරුණැගලදී සාකච්ඡාවක්

නිපුණතා උදානය 2022 වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් ඇරඹූ ජාතික වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස කුරුණෑගල පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන් සියලුම වෘත්තීය අධ්‍යාපන ආයතනවල ප්‍රධානීන් අතර හමුවක් ඊයේ දින (24) කුරුණෑගල දී පැවැත්විණි.

ඒ, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එහිදී කර්මාන්තයට අවශ්‍ය නිපුණ ශිල්පීන් ලබා දීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන නව පුහුණු පාඨමාලා ඇති කිරීම, දිස්ත්‍රික්කයේ රැකියා ඉල්ලුමට අනුව වෘත්තීය පුහුණුව සිදු කිරීම, ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් ඇති නමුත් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) නොලැබූ පුද්ගලයින්ට පෙර දැනුම පාදක ඇගයීම් ක්‍රමවේදය (RPL) සහ නම්‍යශීලී ඉගෙනුම් ක්‍රමවේදය (FLM) ඔස්සේ NVQ සහතික ලබා දීම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ගේ සහ ව්‍යවසායකයින්ගේ දත්ත ලබාගනිමින් දෙපාර්ශවය අතර සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවල අධීක්ෂණය යටතේ කර්මාන්ත තුළම නව පාඨමාලා ක්‍රියාත්මක කිරීම. යන කරුණු පිළිබඳ සාකචිඡා විය.

මෙම අවස්ථාවට මෝටර් කාර්මික ක්ෂේත්‍රය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, රූපලාවන්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් කර්මාන්තකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *