ඉදිරි මහ කන්නයේදී වී වගාව සදහා රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක් වශයෙන් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලබාදී ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්රික් සහකාර අධ්යක්ෂ සරත් විජේකෝන් මහතා පවසයි.
ඉදිරි මාස් කන්නයේ මහ වාරිමාර්ග කලාපවල වී වගාව සදහා හෙක්ටයාර් එකකට යුරියා කිලෝ 157ක්, ටී.එස්.පී 38.5ක් , එමිඔිපී 42ක් වශයෙන් ලබාදීමටත් සුළු වාරිමාර්ග හා වර්ෂා පෝෂිත සදහා වගාවන් සදහා යුරියා කිලෝ122.5ක් ටී.එස්.පී 38.5ක් එමි.ඔි.පී 35ක් වශයෙන් රසායනික පොහොර ලබාදීමට තීරණය කොට ඇති බවත් 30%ක් වු කාබනික පොහොර නම් කරන ලද පුද්ගලික ආයතන 10කින් කැමැති ආයතනයකින් ලබාගැනීමේ අවස්ථාවද ගොවීන් වෙත ලබාදී තිබෙන බවත් විජේකෝන් මහතා පැවැසීය. එසේම හෙක්ටයාරයකට කාබනික පොහොර සදහා රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට නියමිතය.
සුම් තාක්ෂණය ඔස්සේ පැවැති මාතලේ දිස්ත්රික් කෘෂීකර්ම කමිටුවට සහභාගි වෙමින් විජේකෝන් මහතා මෙම අදහස් පළකළේය.
මහ වාරිමාර්ග හෙක්ටයාර් 8047ක් , සුළු වාරිමාර්ග හෙක්ටයාර් 8655ක් හා වර්ෂා පෝෂීත 4566ක් වශයෙන් හෙක්ටයාර් 21269ක් මාතලේ දිස්ත්රික්කයේ වී වගා කිරීමට නියමිතය.
මාතලේ දිස්ත්රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැති දිස්ත්රික් කෘෂිකර්ම කමිටුව සදහා අතිරේක දිස්ත්රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා ඇතුළු රාජ්ය නිලධාරින් රැසක් සහභාගි වූහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න