27 April 2024
#දේශීය

ජාතික සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා අද (23) දින ඉදිරිපත් කළේය.

එමෙන්ම සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසුවේ කතානායකවරයා සභාපති වූද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂ නායකයන් විසින් තීරණය කරන පරිදි මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් ‘ ජාතික සභාව’ සමන්විත විය යුතු බවය

 

පාර්ලිමේන්තුවට දැනට ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් වන්නේ, ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මහත්වරුන්ගේ නම් දැනට ඉදිරිපත් වී තිබේ.

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ලැබිය යුතුව ඇති නිසා ඒවා ඉදිරි කාලයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *