• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චක්‍රලේඛවලට මුවාවෙලා මාව අන්දන්න හදන්න එපා – ඇමති ප්‍රසන්න නිලධාරීන්ට කියයි

16 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

චක්‍රලේඛණ සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛණ වලට මුවා වී තමන් ඇන්දීමට කටයුතු නොකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ගෙන් ඉල්ලයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අයවැය හා ඉදිරි කටයුතු පිළිබද ඊයේ (15) අමාත්‍යාංශ නිළධාරින් සමඟ පැවති සාකච්ඡාවක දීය.

ඇතැම් රාජ්‍ය නිළධාරීන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම ප්‍රමාද කිරීමට චක්‍රලේඛණ හේතුවක් කරගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේ පැවසිය “අපිට හැමදාම ඉතිහාසයට බැණ බැණ ඉන්න බෑ. වර්තමානයට මුහුණ දෙමින් අනාගතය සැලසුම් කළ යුතුයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියන්නේ රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන අමාත්‍යාංශයක්. විශේෂයෙන්ම රටේ ජනතාවගේ නිවාස ගැටළුවට සෘජුවම විසඳුම් ලබාදීමට බැඳී සිටින අමාත්‍යාංශයක්. පසුගිය සමයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වයත් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයත් නිසා මේ අමාත්‍යංශය යටතේ සිදු කෙරෙන නිවාස ණය හා ආධාර වැඩසටහන් ඒ වගේම නිවාස ව්‍යාපෘතිවල තාවකාලික පසුබෑමක් සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා මෙවර ඉදිරිපත් කළේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වන අයවැයක්. එමගින් මුලික අවධානය යොමුව තිබෙන්නේ මේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක. අපි බලන්න ඕනේ ඒ වැඩපිළිවෙල ඇතුළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට ගත හැකි පියවර පිළිබඳවයි. පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම ඉලක්ක කරගෙන තමයි අපි ඩොලර් වලට නිවාස විකිණීමේ වැඩසටහන, One Stop Unit සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සිදු කළේ. තව තවත් අලුත් ව්‍යාපෘති හඳුනාගෙන ඉදිරි කාලය තූළ කඩිනමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. පසුගිය කාලයේ නිවාස ණය, ආධාර වැඩසටහන් වගේම ඇතැම් නිවාස ව්‍යාපෘති හා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ නිසි සැලසුමකින් තොරවයි. ඇතැම් ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ නිළධාරීන්ට ඕන විදිහට. තිබෙන ව්‍යාපෘති අවසන් කිරීම වෙනුවට තවත් අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම සිදුවෙලා තියෙනවා. මෙතෙක් ක්‍රියාත්මක ණය, ආධාර, වැඩසටහන් හා ව්‍යාපෘති අවසන් කරනතුරු නව ව්‍යාපෘති හා ණය හා ආධාර වැඩසටහන් ආරම්භ නොකළ යුතුයි. ඇතැම් නිළධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයින් වන අපියි බැණුම් අහන්නේ. “ටයි ගැට” ප්‍රශ්න නිසා නිළධාරීන් අතර විවිධ ගැටළු තියෙනවා. ඒකත් මේ රාජ්‍ය ආයතනවල වැඩ නොවීමට හේතුවක්. තනතුරු ප්‍රශ්න, සීනියෝරිටි ප්‍රශ්න එහෙම නැත්නම් වෙන පුද්ගලික ප්‍රශ්න නිසා නිළධාරීන් අතර විවිධ ප්‍රශ්න තියෙනවා. ඒකට තමයි කියන්නේ “ටයි ගැට” ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න නිසා ආයතනවල වැඩ නොවුණාම බනින්නේ බලය තියන ආණ්ඩුවට. නැත්නම් ඇමතිට ඒ නිසා “ටයි ගැට” ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා. අමාත්‍යාංශයේ වැඩ ප්‍රමාද කරන්න එපා. ” යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

Post Views: 7
Previous Post

අප රටේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැට්ටුවේ ගෝඨා රජයයි – විපක්ෂනායක සජිත්

Next Post

හෙරොයින් සමග පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

හෙරොයින් සමග පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට  ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

10 March 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට  ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට  මහඟු අවස්ථාවක්

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට මහඟු අවස්ථාවක්

10 March 2026
මැදපෙරදිග යුද්ධය වෙනුවෙන්  දකුණු කොරියාවේ අමෙරිකානු අවි  මාරු කිරීම වැළැක්විය නොහැකියි

මැදපෙරදිග යුද්ධය වෙනුවෙන් දකුණු කොරියාවේ අමෙරිකානු අවි මාරු කිරීම වැළැක්විය නොහැකියි

10 March 2026
මෙරට ජලභීතිකා මරණ  ඉතිහාසයේ අවම අගය  2025 වසරේදී වාර්තා වෙයි

මෙරට ජලභීතිකා මරණ ඉතිහාසයේ අවම අගය 2025 වසරේදී වාර්තා වෙයි

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට  ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

10 March 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට  ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට  මහඟු අවස්ථාවක්

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට මහඟු අවස්ථාවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved