27 April 2024
#දේශීය

හෙරොයින් සමග පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

හෙරෝයින් මිලිගෑම් දෙකක් සමග පොලිස් සැරයන්වරයෙකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට 15දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාඋල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මෙයෙවිමෙන් මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදුකළහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *