• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ ඉහළ ප්‍රවණතාවයක් – ඇමැති නිමල්

2 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරාය මගී නෞවුකා පැමිණෙන සංචාරකයින් ආකර්ශනය වන වරායක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත්, ලංකාව පිළිබඳ ඇතැම් පාර්ශව විසින් වැරදි චිත්‍රයක් මැවීමට ගනු ලබන උත්සාහය පරාජයට පත්කරමින් ලංකාවට සංචාරකයින් පැමිණීමට පටන් ගෙන තිබෙන බවත් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ‍

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) රජය විසින් ඉදිරිපත් කළ 2023 වසර සඳහා වූ අයවැය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයට අදාළව කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.
‍

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” ශ්‍රීලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ කන්ටේනර් ගෙනත් ඒවා බෙදා හැරීමයි. 2021 වසරේ කන්ටේනර් මිලියන හයක් මෙහෙයුම් සිදුකර තිබෙනවා. 2022 වසරේ එය මිලියන 5.7ක් බවට පත්වෙලා තියෙනවා. කාගෝ ප්‍රමාණය මිලියන 10 සිට 7 දක්වා අඩුවීමක් වෙලා තියෙනවා. මූල්‍ය වශයෙන් කොළඹ වරායේ ආදායම මිලියන 72කි. සමත්ත මෙහෙයුම් ආදායම බිලියන 39 වෙනවා. පසුගිය වසරේ එය බිලියන 15.8ක් විතර තිබුනේ. නැගෙනහිර ජැටිය සංවර්ධනයට මුදල් අවශ්‍ය වෙනවා. වරාය වෘත්තීය සමිතිවල ඉල්ලීම වුණෙත් නැගෙනහිර පර්යන්තය අපට තියාගෙන සංවර්ධනය කරන්න. අපි එය පෞද්ගලිකරණය කරන්නේ නැහැ කියන ස්ථාවරයේ ඉන්නවා. අදානි සමාගම ඩොලර් මිලියන 7800ක් යොදවලා බටහිර ජැටිය සංවර්ධනය කරනවා. කන්ටේනර් මෙහෙයුම් මිලියන 6 සිට 15 දක්වා වැඩිකිරීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නෙ. ඒක තමා අපේ මාර්ග සිතියම. අපි දැන් ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස ගොඩනැගීම සඳහා ආයෝජකයින්ට ආරාධනා කරලා තියෙනවා. දැනටමත් කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. එහි වැඩකටයුතු ලබන වසරේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒවගේම ත්‍රීකුණාමලය වරාය ලංකාවේ ඛණිජ වැලි පිටරට යවන වරාය ලෙස වැඩිදියුණු කිරීම ආරම්භ කරලා තියෙනවා. ඛණිජ වැලි සම්පත අගය එකතු කර පැටවිය යුතුයි. මේ සඳහා වරාය අවට ඉඩම් කිහිපයක් අගය එකතු කිරීම සඳහා අපි යොදාගෙන තියෙනවා. කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම කරගෙන යනවා. කොළඹ වරායට ඊයේ පෙරේදාත් මගී ප්‍රවාහන නෞකාවක් පැමිණියා. එය සංචාරකයින් රැගත් මගී නෞකාවක් වන තැනක් බවට පරිවර්තනය වී ගෙන එනවා. එය හොද ප්‍රවනතාවයක්. ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට විවිධ ප්‍රචාර ගියා. ලංකාවේ මිනිස්සු හාමතේ මැරෙනවා වැනි බොරු ප්‍රචාර ගෙන ගියත් ලංකාවට ඇවිත් ගිය සංචාරකයින් ලංකාවේ සත්‍ය තත්ත්වය කුමක්ද කියල ලෝකයට ඇත්ත ප්‍රකාශ කිරීමට පටන් අරගෙන තියෙනවා. එම නිසා සංචාරක ආකාර්ශනය අපට දිනා ගැනීමට හැකිවෙලා තියෙනවා. නැව් වලට අවශ්‍ය සේවාවන් සපයන්න වරායේ තිබුණු තෙල් ගබඩා කිරීමේ පහසුකම් ටොන් ලක්ෂය දක්වා ඉහළ නන්වන්න අපි පියවර ගනිමින් ඉන්නවා. පෙබරවාරි වෙන කොට එහි කටයුතු පටන් ගන්න පුළුවන්. ඒ සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කරලා තියෙනවා. වරාය සේවකයින්ගේ මුළුතැන් ගේ අපි සෞඛ්‍යරක්ෂිතව අලුතින් හදලා තියෙනවා. වරාය සේවකයින්ට සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් ලබාදීලා තියෙනවා. අනවශ්‍ය වියදම් කපා හරිමින් නව ආයෝජන ලබා ගැනීමේ ක්‍රියාවලියක අපි යෙදිලා ඉන්නවා. වරාය හරිත වරායක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගෙවී ගිය 2021 වර්ෂයට වඩා මේ වර්ෂයේ නාවිකයින් සේවයේ යෙදවීම සහ ඉංජිනේරු සහතිකය ලබාදීම යන කටයුතු අපි වැඩිකරලා තියෙනවා. ආධුනික නාවිකයින් පුහුණු කිරීමේ කටයුතු වේගවත් කර දේශීය හා විදේශීය අවශ්‍යතා අනුව ඔවුන් සේවයේ යෙදවීමට පියවර ගනිමින් සිටිනවා. නාවිකයින් සඳහා විශාල ඉල්ලුමක් ලෝකයේ ම තියෙනවා. අපේ නැව් සංස්ථාවට තියෙන්නේ නැව් දෙකයි. ඒක යොදා ගන්නේ ගල් අගුරු මෙරටට ගෙන ඒම සඳහායි. අලුත් ව්‍යාපෘති පටන් ගන්න ඇ.ඩො.මි. 12 අපට ලැබිලා තියෙනවා. අපේ නැව් සංඛාව හතරක් හෝ පහක් දක්වා වැඩිකර ගත යුතුයි. කටනායක ගුවන් තොටුපොළින් ලැබෙන ලාභය රත්මලානට හා මත්තල ගුවන් තොටුපොළවල් වලට වියදම් වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයිතිය තියෙන ගුවන් යානා එකක්වත් නෑ. ගුවන් යානා විසි හතරම ලීස් කරලා අරගෙන තියෙන්නෙ. ඩොලර් බිලියනයක් අපට ණය ගෙවන්න වෙලා තියෙනවා. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 6
Previous Post

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයේදී ණය අයකර ගැනීම රුපියල් මිලියන 300 ඉක්මවයි

Next Post

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන්න – ජනපති රනිල් මාලදිවයින් උප ජනපතිට කියයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන්න - ජනපති රනිල් මාලදිවයින් උප ජනපතිට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved