• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට කැපවෙමු – නිවාස අමාත්‍යංශ ලේකම්

2 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට සියලුම‍ දෙනා කැපවී ක්‍රියාකළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (2) පැවති උත්සවයට සහභාගී වෙමිනි.

පසුගිය වසරේදී කටයුතු කළ ආකෘතියෙන් මිදී නව ආකෘතියකට රාජකාරී කරමින් නව වසරේ ඉලක්ක ජයගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

එහිදී ලේකම්වරයා මෙසේ අදහස් පල කලේය ” රජය ප්‍රකාශයට පත්කරපු ප්‍රතිඥාව අපි මේ නව වසරෙත් කියවල තමයි වැඩ ආරම්භ කළේ. රාජ්‍ය සේවකයන් වශයෙන් අපි කියවපු මේ ප්‍රතිඥාව අද පමණක් නෙවෙයි ඉතිරි දවස් තුන්සිය හැට හතරෙදිත් ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා. පසුගිය වසර ආරම්භයෙදි අපිට මෙතරම් අභියෝග තිබුනෙ නැහැ. නමුත් මේ වසර ආරම්භයෙදිම රජය හා ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ලොකු වගකීමක් තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සෑම වචනයක්ම මේ වසර පුරාම අපේ හදවතේ රැදිල තිබෙන්න ඕන. අපිට වැටුප් ලැබෙන්නේ මහජන සේවය ඉටුකිරීම නිසයි. ඒ බව මතක තියාගන්න ඕන. නමුත් අපි සේවය කළ යුත්තෙ ඒ ලබන වැටුපේ ප්‍රමාණයට නෙවෙයි. මෙම වසරේදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැඩකටයුතු අලුත් ආකෘතියකට ක්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. ඒ නිසා පසුගිය වස‍රේ සේවය කළ ආකෘතියෙන් යම් තරමකට මේ වසරේදි මිදෙන්න සිදුවෙනවා. අලුත් සංවිධාන ව්‍යුහයක් කළමණාකරන සේවා ‍දෙපාර්තමේන්තුවට අපි යෝජනා කර තිබෙනවා. ඒ අනුව රජය හා මහා භාණ්ඩාගාරය විසින් ලබාදෙන උපදෙස් අනුව කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව කාර්යමණ්ඩල අනුමත කිරීමට ඉදිරි දින කිහිපයේදී කටයුතු කරාවි.අපිට ඉදිරි කටයුතු සිදුකරන්නට වෙන්නේ එම නිළධාරී මණ්ඩලයත් සමඟයි. ඉදිරියේදී තම තමන්ගේ කාරයභාරයන් තමන්ට පුද්ගලිකවම දැනගන්නට ලැබේවි. ඒ අනුව රජයේ අවසන් ඉලක්කය ජයගන්න කැපවී කටයුතු කරන්න අපිට සිදුවෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළගෙන් ලැබෙන උපදෙස් පරිදි මහජනතාවගේ දුක් කඳුළු පිසලන්න වසරේ දින 365 පුරාම ඇප කැපවී අපි ක්‍රියා කරනවා. මහජනතාව වෙනුවෙන් කටයුතු කරද්දි ඇතැම්විට තමන්ගෙන් සිදුවන්නේ ඉතාම සුළු කාර්යයක් වෙන්න පුළුවන්. ඒ සුළු කාර්යය නියමිත වේලාවට ඉටුකිරීමට රාජ්‍ය සේවකයන් වශයෙන් අපි බැඳිල ඉන්නවා. රට ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් කරන්නට රජය විසින් හඳුන්වාදෙන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට රාජ්‍ය සේවකයන් වශයෙන් අපි බැඳී සිටිනවා. ඒ නිසා නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේදී කියවපු ප්‍රතිඥාව නැවත කියවන්න. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට තමන්ගේ නිර්මාණශීලී යෝජනා හා දැනුම භාවිතා කරන්න. එවැනි දේවල් රජයට ඉදිරිපත් කරන්න ලේකම්වරයා වශයෙන් මම කටයුතු කරනවා. මෙම වසරේදී විශේෂ වැඩසටහනක් යටතේ කටයුතු කරන්නට අමාත්‍යංශ ලේකම්වරුන්ට සිදුවෙනවා. යම්කිසි ඉලක්කයක් අනුව කටයුතු කිරීමට හැකිවන අයුරින් අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩ පැවරිය යුතු බව මම පත්වීම බාරගන්නා දිනයේදීත් ජනාධිපති ලේකම්වරයාට පැවසුවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයෙන් සිදුවන සියලුම කාර්යයන් සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මටයි. ඉලක්කයක් අනුව වැඩකරන්න බැරිනම් සුදුසු පුද්ගලයන්ට තැන දීල අපි අයින් වෙන්න ඕන යැයි ලේකම්වරයා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 7
Previous Post

සියළු දෙනා එක්ව ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කරමු – අගමැති

Next Post

නුපන් පරපුර වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ලෙස අපේ දායකත්වය දෙගුණ කරමු – මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද

editor

editor

Next Post

නුපන් පරපුර වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ලෙස අපේ දායකත්වය දෙගුණ කරමු - මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved