• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුරේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිප අතින් එයි

17 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා අනුරාධපුර මහ නගර සභාව ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (16) සිදු කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ අතර, ඒ සඳහා හිටපු අමාත්‍යයවරුන් වන වීරකුමාර දිසානායක, තිස්ස කරල්ලියද්ද, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා, ” අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කරන්න අනුරාධපුර නගර සභාව ඇතුළුව සියලුම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කරනවා.ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇප මුදල් තැන්පත් කරන්න ඊයේ (15) රැස්වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබුවා.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම නායකයින්ගෙන්, ආසන සංවිධායකවරුන්ගෙන්, ඉල්ලා සිටිනවා මේ වෙලාවේ අත ලකුණේ ජයග්‍රහණය වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න කියලා.මේ තමයි පක්ෂය මේ රටේ විජයග්‍රහණයට හරවන ගමනේ ආරම්භය. අපි සන්ධාන ගත වෙලා මැතිවරණයට මුහුණ දෙන්න තමයි පහුගිය දවස් වල සාකච්ජා කළේ, නමුත් විවිධ ගැටලු බාධා විශාල ප්‍රමාණයක් ආවා නාමයෝජනා සකස් කිරීමේදී, විශේෂයෙන්ම අපේ රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා අපේ නාමයෝජනා හදන්න ගිහින් අනෙක් අයගේ තර්ජන හමුවේ ඇතිවූ හදිසි අසනීප තත්වයක් නිසා අභාවප්‍රාප්ත වෙන්න සිදු වුණා.ඒ වගේ කණගාටුදායක අත්දැකීම් වලට මුහුණ දුන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ජා ඇතුලේ, ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් ඊයේ (15) රැස්වෙලා තීරණය කරනු ලැබුවා මේ සඳහා හොඳම විසඳුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරන එක, ඒ වගේම අපිට විවිධ පැති වලින් අපිට ආරංචි ලැබුණා මේ පසු පස විවිධ කුමන්ත්‍රණ රැසක් දියත් වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වළලා දාන්න හදපු පිරිස් වෙන වැටයකින් එන්න හදනවා කියලා.ඒ නිසා අපි මේ සන්ධානයට බොහෝම සද්භාවයෙන් අත තිබ්බේ, මම අපේ නායක හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා මට පුලුවන් අන්තිම ඇඳුමත් ගලවලා දුන්නා මේ සන්ධානය හදන්න ඒ තරම් කැප වුණා කියලා කිව්වා.ඒ කැපවීම දුර්වලකමක් විදිහට ගත්තාද දන්නෑ අනෙකුත් පාර්ශවයන්.මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සන්ධාන ගත වෙලා යන්න බොහෝ පක්ෂ තිබුණා, අත්දැකීම් සහිත නායකයෝ බොහෝමයක් ඉන්නවා, නමුත් සුළු පිරිසක් දැවැන්ත කුමන්ත්‍රණයකට සැරසුනා කියලා හෙළිදරවු වුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්, සංවිධායකයින්, ඡන්ද පදනම උරා ගෙන අලුත් පක්ෂයක් නිර්මාණය කර ගෙන යන ගමනකට උත්සහ කළා.මේ සන්ධානයේ ලේකම් ධූරය සමඟ අයිතිය තියෙන්නේ ඒ ගොල්ලන්ට, අපි ඡන්ද එකතු කරලා, ඡන්ද අරගෙන මේ සියල්ල ගැටගහලා, මන්ත්‍රීවරු දිනලා අපි ඒ ගොල්ලන්ගේ ලේකම්ගේ අත්සන යටතේ යවන්න ඕන, ඒ වගේ බොළඳ වැඩ කරන්න අපිට පුලුවන්කමක් නෑ, ඒ ගොල්ල 50%, 60% ඉල්ලුවා , 70% ඉල්ලුවා, අපි තීරණය කළා ඒ ගොල්ලන්ට 100% ම දෙන්න, ඒ ගොල්ලන්ට 100% ම දිලා, අපි 100% ගත්තා, කැමති නම් ප්‍රාදේශීය සභා දිනලා ඇවිල්ලා ප්‍රාදේශීය සභා ඇතුලේ සන්ධානයක් හදාගන්න පුලුවන්, ඔවුන්ට ඔවුන්ගේ ශකිත්යත් බලාගන්න දීලා, අපිට අපේ ශක්තියත් බලාගන්න පුලුවන් හොඳම තීරණය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරන එක.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියාගෙන ඉන්න කවුරු හරි නායකයෙක් ඉන්නවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පෙනී හිටිය කවුරු හරි ඉන්නවා නම් මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය දෙන්න ඕන, අවුරුදු 70 ක් මේ පක්ෂය මේ රටට සේවය කරලා තියෙනවා, ජනාධිපතිවරු , අගමැතිවරු පත් වෙලා තියෙනවා, මේ රටට කරපු සේවයක් තියෙනවා, අපිට පුලුවන්කම තියෙනවා ගමට අත දෙන්න. අත ලකුණෙන් හැම දිස්ත්‍රික්කයකටම අපි තරඟ කරනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 0
Previous Post

QR ක්‍රමවේදයට පරිබාහිර වැඩකරන ඉන්ධන හල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර

Next Post

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ නවිකරණය කටයුතු කඩිනමින් අවසන් කරනවා – රාජ්‍ය ඇමැති රෝහණ

editor

editor

Next Post

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ නවිකරණය කටයුතු කඩිනමින් අවසන් කරනවා - රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් භූකම්පනයක්

අදත් භූකම්පනයක්

15 July 2025
මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

15 July 2025
බොරතෙල් මිල වෙනස් වෙයි

බොරතෙල් මිල වෙනස් වෙයි

15 July 2025
භාතිය ගැන ඇසුණු දුක හිතෙන පුවත

භාතිය ගැන ඇසුණු දුක හිතෙන පුවත

15 July 2025

Recent News

අදත් භූකම්පනයක්

අදත් භූකම්පනයක්

15 July 2025
මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

15 July 2025
බොරතෙල් මිල වෙනස් වෙයි

බොරතෙල් මිල වෙනස් වෙයි

15 July 2025
භාතිය ගැන ඇසුණු දුක හිතෙන පුවත

භාතිය ගැන ඇසුණු දුක හිතෙන පුවත

15 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් භූකම්පනයක්

අදත් භූකම්පනයක්

15 July 2025
මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved