• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් නියාමනය කිරීමට කඩිනමින් – ඇමැති ප්‍රසන්න

17 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් (ෆාමසි) නියාමනය කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදීය.

මතට ඇබ්බැහිවූවන් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇතැම් ෆාමසිවලින් විවිධ ඖෂධ වර්ග මිලදී ගන්නා බවට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා හා පොලීසීය කළ ඉල්ලීමකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම හා මතට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීම සඳහා දැනටමත් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලින් බේරාගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල, පාසල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අදාළ පළාත් පාලන ආයතන එකතුවෙලා කමිටුවක් පිහිටුවාගෙන පාසල් සම්බන්ධීකරණය කරන්න. පාසල් අවටිනුත් තොරතුරු ලබාගන්න. එතකොට මත්ද්‍රව්‍යයට සම්බන්ධ ළමයින් හා දෙමාපියන් හඳුනාගන්න පහසුයි. ඒවගේම අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් (ෆාමසි) නියාමනය කිරීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න. මේ වනවිට පාසල් නොයන ළමයින් නැවත පාසල් යැවීමටත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. එක ගමක රාජ්‍ය නිළධාරීන් අට දෙනෙක් ඉන්නවා. ඒ අය මැදිහත්වෙලා ගම්වල පාසල් නොයන දරුවන් ගැන හොයල බලන්න. ඒ වගේම ලියාපදිංචි වෙලත් පාසල් නොයන දරුවන් ගැන පාසල්වලින් වාර්තාවක් ගන්න. ළමයින් පාසල් යන්නේ නැත්තේ දුප්පත්කම නිසාද එහෙමත් නැත්නම් දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව නිසාද එහෙමත් නැත්නම් දෙමාපියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාද කියල හොයල බලන්න. දුප්පත්කම නිසා ළමයින් පාසල් යන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ සඳහා මැදිහත් වෙන්න. යමක් කමක් තියෙන පවුල්වල ළමයින් පාසල් යන්නෙ නැත්නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාදෙන්න පුළුවන්. ලිවීමට හා කියවීමට නොහැකි නිසා ළමයින් පාසල් යන්නෙ නැත්නම් එවැනි ළමයින්ට විශේෂ පංති පවත්වන්න පුළුවන්. මේ සඳහා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා පාසල් නොයන ළමයින්ව පාසල් යවන්න සියලුම දෙනා එක්ට එකතුවෙලා සම්පූර්ණ විස්තර සහිතව වැඩ පිළිවෙලක් හදල වගකීම් බෙදාගෙන වැඩ කරමු. එහෙම නැතුව තනිතනිව වැඩ කරන්න අමාරුයි. එමෙන්ම මේ දිනවල අලුතින් සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමක් සිදුකරනවා. එය සිදුකරන්නේ ග්‍රාමීය ආර්ථික කමිටු හරහායි. ඒ වැඩ පිළිවෙලට දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නැහැ. නමුත් ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් මහජන නියෝජිතයන් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට යොමුකරාවි. ප්‍රමුඛතා ලේඛනයක් මගින් නව ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුකරන්න. ගමත් එක්ක ඉන්නකොට සමෘද්ධි අත්‍යාවශ්‍යම පවුල් හඳුනාගන්න පුළුවන්. අලුතින් ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේදී දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නැහැ. නමුත් දේශපානඥයන් විදියට අපි ජනතාවගේ පැත්තේ ඉඳගෙන කටයුතු කරනවා. නව ප්‍රතිලාභීන් තෝරාගැනීම සම්බන්ධයෙන් කවුරු ප්‍රශ්නයක් ඇහුව්වත් ඒ ගැන උත්තරයක් දෙන්න නිළධාරීන්ට පුළුවන්කම තියෙන්න ඕන. ග්‍රාමීය කමිටුවලට මහජන නියෝජිතයන් යන්න ඕන. මිනිස්සුන්ට දෙන දේවල්වලට මහජන නියෝජිතයන් මැදිහත් වෙන්න ඕන නෑ. මහජන නියෝජිතයන් වශයෙන් අපි ඉන්න ඕන මහජනතාවගේ පැත්තෙ. නිළධාරීන් වැරදියට තෝරල තිබුණොත් ඒ ගැන කතා කරන්න.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්ලිව්.ටී.යූ රාජකරුණා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

Post Views: 0
Previous Post

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ නවිකරණය කටයුතු කඩිනමින් අවසන් කරනවා – රාජ්‍ය ඇමැති රෝහණ

Next Post

පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීමට නව වෙබ් අඩවියක් – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීමට නව වෙබ් අඩවියක් - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved