• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි – ජනපති

17 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද(17) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමිනි.

ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදා ගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමුහිකව අත්වැල් බැඳ ගනිමුයැයි ද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

අසීරු ආර්ථික පසුබිමක් මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම වසරේ ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 30-40ක මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

රජයේ නිවැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් වී අස්වැන්නේ අතිරික්තයක් ලැබී ඇති බවත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ඒ අනුව රජය සැලසුම් කර තිබෙන බවත් පැවසීය.

නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැඟුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25 දී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ වෙනුවෙන් නව ආයතන ගණනාවක් මෙන්ම නීති කිහිපයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” මේ වන විට අපේ ආර්ථිකය නිසි මගට ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් අපට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමටයි. අපි ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර දැනට එම සාකච්ඡා සාර්ථක බව මට මෙම සභාවට ප්‍රකාශ කළ හැකියි. අපි බලාපොරොත්තුවන ආදායම අපිට එකවර ලැබෙන්නේ නැහැ. ඒ සියලු දේ සමග මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි අපේ අපේක්ෂාව. වැටුප් ගෙවීම අපේ ප්‍රධානම කාර්යයක්. දෙවැනි තැන තිබෙන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමට. ඒ වගේම සමෘද්ධිය ලබාදිය යුතුයි. ඒ සමගම තවත් නව වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහාත් අපි මුදල් ලබාදිය යුතුයි. දැන් අපිට චෝදනාවක් තිබෙනවා අපි ඖෂධ සඳහා මුදල් ලබා දෙන්නේ නැහැ කියලා. තවත් මිලියන 100ක් දෙන්න තිබෙනවා කියලා. ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අංශයේ එක ගැටලුවක් තිබෙනවා. ඒ තමයි අපිට පසුගිය වසර කිහිපය සඳහා රුපියල් බිලියන 50ක බිලක් ගෙවීමට තිබෙනවා. ඒ වුණත් අවශ්‍ය ඖෂධ ලබාදීමට අපි මේ වසරේදී රුපියල් බිලියන 30 – 40ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. කෙසේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්වෙලා මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනවා . මෙම ඖෂධ ඇණවුම් කිරීමට ටික කාලයක් ගතවෙයි, අපිත් කැමති නැහැ අපේ රෝහල්වල අඩු පාඩු තිබෙනවට. ඒ වගේම ඖෂධ නැතිව ජනතාව මිය යනවට. ඒ නිසා ඒ වැඩකටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් අපි වෙන් කර තිබෙනවා. පසුගිය වසරේ අපේ රටේ ආහාර හිඟයක් ඇතිවුණා. අපි බලාපොරොත්තු වුණා මේ ‍වසරේදීත් ආහාර හිඟයක් ඇතිවෙයි කියලා. කෙසේ හෝ අපි ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා දුන්නා. දැන් අපට අස්වැන්නේ අතිරික්තයක් ඇති වී තිබෙනවා. පසුගිය මහ කන්නය මෙන්ම යල කන්න‍ය සාර්ථකවීම නිසා අපට මේ වී අතිරික්තය ලැබී තිබෙනවා. දැන් අපට තිබෙන්නේ වී කිලෝ එක රුපියල් 100ක මට්ටමේ පවත්වාගෙන යාමට. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. ඊට පෙර වෙන් කළේ රුපියල් බිලියන 05ක වගේ මුදලක්. මීට පෙර සිදු වුණේ මේ වී අතිරික්තය අළෙවි කිරීමයි. ඒත් අපි එසේ සිදු කරන්නේ නැහැ. මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුල් මිලියන 02කට සහල් කි.ග්‍රැම් 10 බැගින් ලබා දීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කර තිබෙනවා. ඊට වඩා ලබාදිය හැකිනම් මම කැමතියි. අපි මේ 75 වන නිදහස සමරන අවස්ථාවේ දී ජනතාවට කුසගින්නේ සිටීමට ඉඩ දෙන්න බැහැ. අපි ඒ සඳහා අවශ්‍ය මුදල් යොදවනවා. මේ නිදහස් සැමරුම වෙනුවෙන් මුදල් ‍වියදම් කරනවා කියලා අද ඇතැම් අය දොස් කියනවා. එහෙත් අපි ජනතාවට මෙම සහන ලබාදිය යුතුයි. ඒ වගේම ඊළග වසර කිහිපයේ දී අපිට තවත් බිලියන 10ක් පමණ වැය කිරීමට සිදු වෙනවා. අද නිදහසින් පසු 75 වසරක් ගත වී තිබෙනවා, නිදහසේ 100 වන සැමරුම වන විට මේ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපි ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගන්නවා. ඒ අනුව ඉතිහාසය පිළිබඳ ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. දැන් අපට තිබෙන ලොකුම චෝදනාවක් තමයි ඉතිහාසය අමතක වෙලා කියන එක. එ‍සේ නම් අපි එවැනි ආයතනයක් ඇති කළ යුතුයි. ආර්ථික විද්‍යා හා වෙළෙඳ ආයතනයක් අපි ස්ථාපිත කරනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ රටවල විවිධ ආයතන තිබෙනවා. ඒ වගේම කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනයක් පළමු වතාවට අපේ රටේ ඇති කිරීමට කටයුතු කරනවා. ඒ වගේම අපේ නිලධාරින්ගේ පුහුණු කටයුතු සඳහා රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය ඇති කරනවා. අපේ කෘෂිකර්මාන්තයේ නවීකරණයක් සිදු කරනවා නම් කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඇති කළයුතුයි. ඒ ව‍‍ගේම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇති කිරීමට අපි පියවර ගන්නා අතර ඒ සඳහා සහාය ලබාදෙන බවට විදේශ රටවල් අප සමග දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන යාම වෙනුවෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. මේ සඳහා රුපියල් බිලියන 10කට වඩා මුදල් වැය විය හැකියි. මේ සඳහා අපි එකවර මුදල් යොදවන්නේ නැහැ. මේ ආරම්භ කරන්නේ මුදල් ලැබීමට තිබෙන ආයතන. ඉන් අනතුරුවයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ.
අපේ මේ 75වන නිදහස් සැමරුම එතනින් අවසන් වන්නේ නැහැ. අනාගතය වෙනුවෙනුයි අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපි නව නීති කිහිපයක් ගෙන ඒමට කටයුතු කරනවා. කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත මේ නීති පනත් 03 ගෙන ආ විට දකුණු ආසියාවේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිම පියවර ගෙන තිබෙන රට බවට අපේ රට පත්වෙනවා. ඒ වගේම පරිසරය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ පනත, වනාන්තර ප්‍රතිරෝපණය සහ වෘක්ෂ ආවරණ පනත ගෙන එනවා. ජීවමාන අස්ථිත්ව පනත මඟින් මහවැලි ගඟ, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම යන ස්ථානවලටත් ජීවමාන අයිතිය ලැබෙනවා. සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නීති, මුතුරාජවෙල (සංරක්ෂණ) පනත මේ සියල්ල තුළින් මේ කලාපයේ හොඳම පරිසර නීති තිබෙන රට බවට අපේ රට පත්වෙනවා. අනාගත පරපුර අපෙන් ඉල්ලා සිටින්නේ මේ සම්පත් ආරක්ෂා කර දෙන්න කියලා. ඒ වගේම අපි සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත හඳුන්වා දෙනවා. අපි සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කළයුතුයි.
මේ වැඩසටහන්වලට අමතරව මේ වසරේදී නාගරික වනාත්තර 75ක් ඇති කිරීම වෙනුවෙන් හා ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘතියේ වැඩසටහන් වෙනුවෙන් මුදල් යෙදවිය යුතුයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සදහා නිවාස 1996ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. ර‍ටේ ආර්ථික ගැටලුවක් තිබුණත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ. මේ නිදහසේ 75 වන සැමරුමේ දී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපේ දේශපාලන ක්‍රමය අපි දැන් වෙනස් කරමු කියලා. ජනතාව පීඩාවෙන් මුදා ගනිමින් ඔවුන්ට සහන සැලසීම සඳහා අපි එකතුවෙලා වැඩ කරමු. මේ සීමාසහිත සම්පත් ප්‍රමාණය සමග මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට අපට හැකිවුණා නම්, රටේ අනාගතය වෙනුවෙන් අපි සියලුදෙනා එකට එකතුවෙලා වැඩකරමු කියලා මම ඉල්ලා සිටිනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

පිරිමි පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක් තුල මළ සිරුරක්

Next Post

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීට ජනපති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීට ජනපති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved