• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ට කවුරු යට වුණත් මාලිමාව යට වෙන්නේ නෑ – අනුර දිසානායක

1 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝගයන්ට කවුරු යට වුණත් මාලිමාව යට නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) ජාතික ජන බලවේගය සමන්තුරේ පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “රනිල් වික්‍රමසිංහ මොනවා කළත් මාර්තු මාසෙ 09 වැනිදාට මේ මැතිවරණය පැවැත්වෙනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා, පාරට බැස්සොත් හදිසි නීතිය දානවා, හමුදාව කැඳවනවා, එයා හිට්ලර් වගේ කියලා. දැන් එයා ඡන්දය දෙන්නෙත් නෑ කියනවා. ඒ කියන්නේ ජනතාවගේ විරෝධය පාරට බැහැලා ප්‍රකාශ කරන්න දෙන්නෙත් නෑ, ඡන්දයෙන් ප්‍රකාශයට පත්කරන්න දෙන්නෙත් නෑ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝගයන්ට කවුරු යට වුණත් මාලිමාව යට වෙන්නේ නැහැ.

මේ රට දැන් තිබෙන තත්වයට සතුටුද? මේ රට වෙනස් කරන්න ඕනැද නැද්ද? මොනවාද වෙනස් කරන්න ඕනේ? ආණ්ඩුව මාරුවෙන්න ඕනෙ. අපි කලිනුත් ආණ්ඩු මාරු කළානේ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව වෙනුවට මහින්දගේ ආණ්ඩුව ගෙනාවා. මහින්දගේ ආණ්ඩුව වෙනුවට රනිල් – මෛත්‍රීගේ ආණ්ඩුව ගෙනාවා. රනිල්-මෛත්‍රීගේ ආණ්ඩුව වෙනුවට ගෝඨාගේ ආණ්ඩුව ගෙනාවා. ගෝඨාභය වෙනුවට රනිල් වික්‍රමසිංහ ගෙනැවිත් තිබෙනවා. මොකක්ද මාරු කරන්න ඕනේ. මාරු කරන්න ඕනෙ සිස්ටම් එක. එහෙනම් අපි පටන් ගන්න ඕනේ කොතනින්ද? අන්න ඒ සිස්ටම් එක මාරු කිරීම සඳහා පළමු පියවර මේ මාර්තු මාසේ 09 දා අපි තියමු. වසර ගණනාවක් ඔබ ඡන්දය දීලා ආණ්ඩු මාරු කළා. ආණ්ඩු මාරු කළාට රටට යහපතක් වෙලා නැහැ. මොනවගේ මාරුවක්ද ඕනෙ? අපේ රටේ මහජනයාගේ ධනය හොරකම් කරන දේශපාලනය වෙනුවට මහජනයාගේ ධනය ආරක්ෂා කරලා ජනතාවට වැඩ කරන දේශපාලනයක් ඕනෙ. ඒ වැඬේ කරන්නේ මාලිමාව විතරයි. මහින්දට මේ රටින් පැනලා යන්න දෙන්නේ නෑ කිවුව මෛත්‍රී, මහින්දට අගමැතිකම දුන්නා. 2019 ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නා, මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහව හිරේ යවන්න. හැබැයි බලයට ආපු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නා. මේ ගොල්ලෝ කවදාවත් හොරු අල්ලන්නේ නෑ. හොරුන්ට දඬුවම් දෙන්නෙ නෑ. ඒගොල්ලෝ එකට ඉන්නේ. දූෂිතයෙක් දූෂිතයෙකුට කවදාවත් දඬුවම් දෙන්නේ නෑ. එහෙනම් මේ වංචාව හා දූෂණය නතර කළ හැක්කේ, දූෂිතයන්ට දඬුවම් දිය හැකිවන්නේත් මාලිමාවේ ආණ්ඩුවකට විතරයි.

ඕගොල්ලෝ වැඩිපුර ව්‍යාපාරවල යෙදෙන අය. බිස්නස් කොහොමද? කඩා වැටිලා. බැංකු පොලී අනුපාතය ඉහළ ගියා. ණය වාරිකය වැඩිවුණා. ලයිට් බිල වැඩිවුණා. බදු බර වැඩි වුණා. බඩු මිලත් වැඩි වුණා. එහෙම නේද? ඊටත් වඩා බිස්නස් කඩා වැටුණා. ව්‍යාපාරිකයන් අමාරුවේ වැටුණා. අලුත් තරුණ කට්ටිය හිතන්නේ කොහොමද? මේ රටේ ඉඳලා වැඩක් නෑ. ආදායමක් නෑ. රස්සාවක් නෑ. මේ රට දාලා යන්න ඕනෑ. ගම්වල තරුණයෝ කීදෙනෙක් ගිහින් තිබෙනවාද? කොහෙද ගිහින් තියෙන්නේ. මැදපෙරදිග. රට ගිය අයට මැරෙනකම් එහේ ඉන්න පුළුවන්ද? පුරවැසිකම දෙනවාද? එක්කෝ අවුරුදු දෙකයි. නැතිනම් හතරයි, පහයි. ආයේ එන්න ඕනෙ කොහේටද? ලංකාවට. දැන් රට ගියා කියලා වැඩක් නෑ. ආයෙ එන්න වෙන්නේ ලංකාවට. ඒ නිසා මේ රට හදාගන්න ඕනෑ. මොන විනාශයක්ද මේ පාලකයෝ අපේ රටට කළේ. වෙන්ඩ පුළුවන් හැම විනාශයක්ම මේ පාලකයෝ රටට කළා. අපි මේ විදිහටම ඉස්සරහට යනවාද? මේ ගමන වෙනස් කරනවාද? මොකද කියන්නේ? වෙනස් කරන්න ඕනෙ නැද්ද? අපේ යාළුවෙක් ඉල්ලන්නේ. ඒ නිසා එයාට දෙනවා. යාළුකමට කතිරෙ ගැහුවාට, ඥාතිකමට කතිරෙ ගැහුවාට, පරණ පුරුද්දට කතිරේ ගැහුවාට බලයට එන්නේ රට විනාශ කළ කට්ටිය.
ඒ නිසා පළමු වතාවට අපි වැඩක් කරමු. පැරණි දේශපාලන ව්‍යාපාරයට, පැරණි දේශපාලන නායකයන් වෙනුවට අපි අලුත් ආණ්ඩුවක් හදමු. අපි කෙරෙහි විශ්වාසය තබා එක වරක් අපිට ඡන්දය දෙන්න. තමුන්නාන්සේලත් එක්ක එකතු වෙලා අපි මේ රට හදනවා. හැමදාම ඡන්දයක් දීලා පස්සේ කල්පනා කරන්නේ මොකක්ද? ඡන්දයක් දීලා තමන්ගේ ආණ්ඩුවක් හැදුවා කියලා සතුටු වෙනවා. හැබැයි ටික දවසක් යනකොට ආයෙ වැරදුණා නේද කියලා හිතනවා. අපරාධයක් වුණේ කියලා හිතනවා. කවදාවත් වැරදෙන්නේ නැති, අපරාධයක් කියලා හිතෙන්නේ නැති ඡන්දයක් දෙනවා නම් දෙන්න තියෙන්නේ මාලිමාවට විතරයි.

මේ රට හදන්න අපි හොරකම නතර කරනවා. හොරුන්ට දඬුවම් දෙනවා. හොරකම් කළ දේපොළ නැවත පවරා ගන්නවා. අන්න ඒ වෙනස, මාලිමාව ඇති කරනවා. අපේ රටේ රාජ්‍ය සේවය කඩා වැටිලා තියෙනවා. වැඩක් කරන්න අමාරුයි. රස්තියාදු වෙනවා. කාර්යක්ෂම නෑ. මේ රාජ්‍ය සේවයට මොකක්ද වුණේ. දේශපාලකයින් පත්වීම් දුන්නා. වරාය පිරෙව්වා. අධ්‍යපන අමාත්‍යාංශය පිරෙව්වා. ඡන්ද ගන්නවා. ඡන්දෙට වැඩ කරපු අයට රස්සා දෙනවා. පහුගිය කාලේ දැක්කාද එක්කෙනෙක් සියඹලා ගහයට රස්සා දෙනවා. කොහොමද දෙන්නේ? උස නම්, සිකුරිටි. මිටි නම් කම්කරු. දුන්නාද? එහෙම රාජ්‍ය සේවයක් හදන්න පුළුවන්ද? අපේ රාජ්‍ය සේවය විනාශ වුණේ, බඳවා ගන්නේ, උස්සවීම් දෙන්නේ, මාරුවීම් කරන්නේ දේශපාලනයට. මේ රාජ්‍ය සේවය හිතුමතේට පිරෙව්වා. මේ රැස්වීමට මේ තරුණයෝ ඇවිත් ඉන්නවා. මේ රැස්වීමට ආපු එක, මාලිමාවට වැඩ කරන එක රස්සාවක් ගන්න සුදුසුකමක් වෙන්නේ නෑ. රස්සා ලැබෙන්නේ සුදුසුකමට, හැකියාවට. එහෙම ආණ්ඩුවක් ඕනෙ නැද්ද? අන්න ඒ ආණ්ඩුව හදන්නේ මාලිමාවේ අපි. මේ රට හදන්න කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඕනෑ. නීතියෙන් කාටත් සමාන රටක් ඕනෑ. අපේ රටේ නීතිය ගැන ඔබලාට විශ්වාසයක් තිබෙනවාද? ධනය, බලය තිබෙන අයට එක නීතියක්. දුප්පත්, දුබල අයට තව නීතියක්. එහෙම නොවෙයිද තිබෙන්නේ? අපේ රටේ සාධාරණ නීතියක් නෑ. කාටත් සමාන නීතියක් ඕනෑ. ලෝකයේ දියුණු වුණු සෑම රටකම කාටත් සමාන නීතියක් තිබෙනවා. නීතිය කඩා වැටුණු රටක් දියුණු කරන්න බැහැ. අප කාටත් සාධාරණ නීතියක් ඕනෑ.

මේ රට හදන්න ජාතික සමගිය ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස ප්‍රධාන ජන කණ්ඩායම් තුනක් ජීවත්ව ඉන්නවා. සිංහල, දෙමළ ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරනවා. බුද්ධ ධර්මය, ඉස්ලාම් ධර්මය, හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය ප්‍රධාන ආගම් හතරක් අදහනවා. එහෙනම් මොකක්ද කරන්න ඕනෑ. මෙම ජන කණ්ඩායම් අතර සමගිය ඇති වෙන්න ඕනෑ. මේ ජාතීන් අතර සමගිය ඇති කරන්නේ නැත්නම් ඒ රටක් දියුණු වෙන්න නෑ. දියුණු වුණු සෑම රටකම තියෙනවා ජාතික සමගිය. අපේ රටේ තියෙන්නේ ජාතිවාදය. ඕගොල්ලන්ට මතකද? ගෝඨාභය ජනාධිපති වෙනකම්, වඳ කොත්තු තිබ්බා. වඳ ඇඳුම් තිබෙනවා කිවුවා. ජනාධිපති වුණාට පස්සේ වඳ කොත්තු, වඳ ඇඳුම් ඉවරයි. සමහර කඩවලට යන්න එපා කිවුවා. වඳ දොස්තරලා ඉන්නවා කිවුවා. සිංහල අම්මලා හාරදහක් වඳ කරලා තිබෙනවා කිවුවා. ගර්භාෂ යුද්ධයක් කිව්වා. ගෝඨාභය ජනාධිපති වෙනකම් විතරයි. ඊට පස්සේ සාෆි දොස්තර මහතාට හිඟ වැටුප් ගෙව්වා. ඒ නිසා මේ පාලකයෝ බලය වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කර ගත්තා. එදා සාෆි දොස්තර මහතාගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කතා කළේ මම විතරයි.

දිගන, අලුත්ගම ප්‍රශ්න ඇතිවෙන කොට, පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති වුණු ප්‍රශ්නවලදී ජාතික ජන බලවේගයේ අපි ජාතිවාදයට එරෙහිව අපි ජාතික සමගිය වනුවෙන් පොර බැදුවා. ඕගොල්ලො බලන්න, දිගන, අලුත්ගම, සාෆිගේ ප්‍රශ්න ඇතිවෙන කොට ඔය විපක්ෂ නායක කතා කරපු එක වචනයක් පෙන්වන්න. අහල තිබෙනවාද? මේ රටේ ජාතික සමගි වෙනුවෙන් පෙනී සිටියේ කවුද? ජාතික ජන බලවේගයේ අපි. මේ රටේ ජාතික සමගිය ඇති කරන්න පුළුවන් කාටද? අපිට. අපේ පරම්පරාවේ කට්ටිය යුද්ධ ඇති කර ගත්තා, ඇනකොටා ගත්තා. ගහ මරා ගත්තා. අපේ දරුවොත් ගහ මරා ගන්න ඕනැද? අන්න ඒක වෙනස් කරන්න ඕනෑ. අපේ දරුවොත් ගහ මරා ගන්න ඕනෑ රටක් නම් අනිත් අයට ඡන්දය දෙන්න. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනෑ නම්, අපේ දරුවොත් සමගියෙන් ජීවත් වෙන්න ඕනෑ නම් ඡන්දය මාලිමාවට දෙන්න.

මේ මාර්තු මාසෙ 09 වැනිදා ඉතාමත් වැදගත් දිනයක්. ගිය අවුරුද්දේ මාර්තු මාසයේ තියන්න ඕනෙ ඡන්දය, මේ මාර්තු මාසෙත් නොතියන්න පොර බදනවා. ඒ ඇයි? මහින්දගෙන් රනිල් අතට බලය එනවා නම් ඡන්ද තියනවා. රනිල් අතින් සජිත්ගේ අතට බලය එනවා නම් ඡන්ද තියන්න ඇඹරෙන්නේ නෑ. එයාලගෙන් කාට මාරු වුණත් ඒ ගොල්ලනට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඒ ගොල්ලන් ඡන්දය තියන්න කල් මරන්නේ ඇයි? ලංකාවේ අලුත් වෙනසක් ඇති වෙන්න පටන් අරගෙන තිබෙනවා. මෙච්චර කල් ඒගොල්ලන්ගෙන් ඒ පැත්තට මේ පැත්තට මාරු වුණු බලය, පළමු වතාවට අලුත් දිසාවකට මාරු වෙන්න පටන් ගන්නවා. ඒකට එයාලා බයයි. ඒ නිසා තමයි ඡන්දය පස්සට දාන්න උත්සාහ ගන්නේ. ඕගොල්ලෝ දැක්කාද පාර්ලිමේන්තුවේ විජේදාස රාජපක්ෂ නැගිටලා ස.ජ.බෙ. මන්ත්‍රීවරුන්ට කිවුවා, ඕගොල්ලෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඡන්දෙ තියන්න තියන්න කියලා කෑ ගහනවා. හැබැයි රෑට රෑට කෝල් කරලා ඡන්දෙ තියන්න එපා කියලා ඉල්ලනවා කියලා.

ඇයි එහෙම වුණේ? ඒ ගොල්ලන්ගෙන් ඒගොල්ලනට මාරු වුණු කාලය ඉවරයි. අද සමාජ මාධ්‍යවල උඩින්ම ඉන්නේ කවුද? මාලිමාව. ඒ විතරක්ද? විදෙස්ගත වුණාම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පොරබදන්නේ මාලිමාව ජයග්‍රහණය කරවන්න. ඊයෙ අම්බලන්තොට රැලිය ඕගොල්ලෝ දකින්න ඇති. විශාලතම ජන ගංඟාවක් ගලාවිත් තිබුණා. එහෙම නම් ගමේ කැමැත්ත තිබෙන්නේ කාටද? මේ තියෙන සමන්තුරේ ප්‍රාදේශීය සභාවෙ ජනතා විමුක්ති පෙරමුණට හෝ මාලිමාවට එකම මන්ත්‍රී ධුරයක්වත් ලැබුණේ නැහැ. නමුත් මේ සැරේ විශාල බලයක් අපට ලබාදෙන බවට විශ්වාසයි. ඒ කියන්නේ සුළං හමන්නේ මාලිමාවේ දිසාවට. මේ වෙන්න යන වෙනස හොඳ වෙනසක්. හොඳ අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මීට කලින් තමුන්නාන්සේලාට තිබුණා අදහසක්, ඡන්දෙ දුන්නාට වැඩක් වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි අලුත් කාලයක් අලුත් වෙනසක් ඇවිත් තිබෙනවා. මේ සමන්තුරේ ප්‍රාදේශීය සභාවේ මෙතන ඉන්න එකතු වෙලා ඥාතීන් හමුවෙලා, හිතවතුන් හමුවෙලා කතා කරලා වැඩ කරලා මාලිමාවට විශාල බලයක් අරගෙන දෙන්න. දැන් ඕනෙ ගමේ වැඩේ. ගමේ කාර්යභාරය භාර ගන්න, දරුවන්ට හොඳ අනාගතයක් හදන්න. මේ රටේ ජාතික සමගිය හදන්න. හොරුන්ගෙන් බේරගන්න. මේ රට ගොඩනගන්න, අපි ඔක්කෝම එකතු වෙමු. මේ වේදිකාවෙ අය තමයි ශක්තිය. මේ අය තමයි හොඳ අය. මෙයාලා සතයක් හොරකම් කරන මිනිස්සු නොවෙයි. තමන්ට පුද්ගලිකව යමක් උපයා ගන්න දඟලන මිනිස්සු නොවෙයි. මේ රට ගොඩනැගීමේ කාර්යට දායක වෙන මිනිස්සු. රටේ දකුණ උතුර කිසිදු භේදයකින් තොරව අපි ඔක්කෝම එකතු වෙලා වැඩ කරමු. මේ රට ගොඩනගමු යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

ජනපති සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් අතර සාකච්ඡාවක්

Next Post

ගුරු විභාගයට ලියන්න පන්ති යන්න එපා – ඇමැති සුසිල්

editor

editor

Next Post

ගුරු විභාගයට ලියන්න පන්ති යන්න එපා - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved