• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජයේ අවධානය

31 May 2023
in දේශීය

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (Bill and Melinda Gates foundation) සාමාජිකයන් ද එක්ව සිටියහ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීකරණය, පෝෂණය, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ මූල්‍ය සුරක්ෂිතතාවය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේදී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්‍රවේශය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර මේ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ සඳහා මූල්‍යමය ආධාර හා නවීන තාක්ෂණය සැපයීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා රෙගුලාසි වලට යටත්ව මැදිහත්විය හැකි බවට ජනාධිපතිවරයා වෙත සහතික වූ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් ඒ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.

එමෙන්ම යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරුන් වන වර්නන් පෙරේරා, චාන්දනී විජේවර්ධන, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු හා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ හා සර්වෝදය පදනමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 8
Previous Post

2022 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සුවිශේෂී නායකයින් ඇගයීමට ලක් කෙරේ

Next Post

නීතිවිරෝධි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

නීතිවිරෝධි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved