27 April 2024
#දේශීය

නීතිවිරෝධි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා – ඇමැති ප්‍රසන්න

නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිවංගත රෙජි රණතුංග මහතාගේ 15 වන ගුණ සමරුව නිමිත්තෙන් උඩුගම්පල පිහිටි එතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අසාර්ථක අරගලකරුවන් ආණ්ඩුවට එරෙහිව ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවයි. ජාතික ආණ්ඩුවකට යම් කණ්ඩායමක් එනවා නම් ජනාධිපතිවරයා ඊට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරුනු ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *