• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලින්ගෙන් බේරෙන්නම බැරිව වගාවන් සමඟ ගෙවත්තට ගිණි දැමූ කදුරුගස්වැව ගම්වාසීන්

23 July 2023
in දේශීය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එප්පාවල ඉහළවැව ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව වන අලි ගම්වැදීම හේතුවෙන් මේ දින වල මහත් පීඩාවට පත්ව සිටිති.

පවතින වියළි කාළගුණයත් සමඟින් ආහාර හා ජලය සොයා වන අලින් ගම්වැදීම මේ දින වල සිදු වේ.එලෙස එප්පාවල ඉහළවැව, , ගැටදිවුල, කදුරුගස්වැව, කණ්ඩක්කුළම, කැටකාලේ, කිරලෝගම,සඳරැස්ගම, දෙල්ලේගම, දික්වැව, නෙල්ලිකුළම ආදී ගම්මාන රැසක් සඳහා වන අලින් ගම්වදින බව ප්‍රදේශවාසීන් පවසති.

ගම්වදින වන අලින් ගෙවතු වල ඇති පොල් ගස්, කොස් ගස්, කෙසෙල් ගස් ඇතුළු වටිනා වගාවන් විනාශ කර දමන බවට ගොවීන් චෝදනා කරති.වන අලින්ගෙන් වගාවන් දිගින් දිගටම බේරා ගත නොහැකි වූ තැන ඇතැම් ගොවීන් තම වගාවන් අතහැර දමා එම වගාවන්ට ගිණි තබා ඇති අයුරුද අපට දැක ගත හැකි විය. ගම්මානය වටා ඇති අලි වැට සක්‍රීය තත්වයේ නොමැති වීම හේතුවෙන් මෙලෙස වන අලි ගම්වදින බවට ප්‍රදේශවාසීන් පවසති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ, “අලි 100 ක විතර රංචුවක් ඉන්නවා, අලි වෙඩි දැම්මට, රතිඤ්ඤා දැම්මට ඒ අලි යන්නේ නෑ,අලි බය නෑ දැන්. අවුරුදු 06 ක් විතර රැක බලා ගත්ත පොල් ගස් එක රෑට කඩලා දානවා.අලි වැට තියෙනවා.ඒකේ කරන්ට් එක නෑ කියනවා, ඒකේ බැටරිය නෑ කියලා කියන්නේ.ගේ පේන මානයේ තියාගෙන අපි ගස් උඩ පැල් හදාගෙන මේ ගෙවතු රකිනවා.හවස 07 වෙද්දී අලි ගෙවතු වල ඉන්නේ.අහස් දියෙන් අපි වගා කරන්නේ, අපි පුදුම දුකක් විදින්නේ, රෑ තිස්සේ අපි නිදා ගන්න නෑ.

රජයෙන් අපිට කියනවා වගා කරන්න කියලා, අපි ඉතින් පොල් හදලා ගෙවතු වගා කරලා තියෙනවා.හැබැයි මේවා අලි විනාශ කරනවා.ගම වටේට අලි වැට තියෙනවා, තිබුණට වැඩක් නෑ අලි වැටේ කරන්ට් එක නෑ, ඒ නිසා වැට කඩාගෙන අලි වතු වලට එනවා.ගෙවතු වල තියෙන සම්පූර්ණ දේවල් අලි විනාශ කරනවා.රෑට අලි වැට අලි කැඩුවම, උදේට 40 ක විතර කණ්ඩායමක් ඇවිත් අලි වැට කෙලින් කරලා යනවා, ආයේ රෑට අලි වැට, අලි කඩනවා.අපි ඉතින් මේ වගාවන් වලින් තමයි ජීවත් වෙන්නේ.මේවා විනාශ කළාම ආයේ අපිට ජීවත් වෙන්න විදිහක් නෑ,මේ පේර කෑල්ලෙන් එක මුරයක් පේර කඩන්න හම්බුණේ නෑ, අලිමයි පේර ටික කෑවේ.රජයෙන් අපිට මේවාට විසදුමකුත් නෑ.අලි වැට හරියට හැදුවා නම් මේ නිළධාරීන් ඔ්න නෑ, අපිටම ඒක රැක ගන්න පුලුවන්.ඉස්සර අලි එකෙක් දෙන්නෙක් ආවේ, ඒ ආවම පන්නා ගන්න පුලුවන්, දැන් අලි 100-150 ක රංචු එන්නේ, ඒ අලි පැන්නුවට යන්නේ නෑ.බළධාරීන් ඇයි මේකට විසදුමක් දෙන්නේ නැත්තේ.ඇමතිවරු පත් කරලා හිටියාට ඒ අය මේවා ගැන හොයා බලන්නේ නෑ.මෙහෙම ඇමතිවරුන්ගෙන් වැඩක් නෑ.

අපි මේ පැල් හදාගෙන ඉන්නේ හිතේ තියෙන ලැජ්ජාවට, අපි පැල් හදන් හිටියට අපිට මේ අලි පන්නන්න බෑ, පැල් රැක්කට වැඩක් නෑ, අපි දැන් අලි වෙඩි ඉල්ලන්නෙත් නෑ, අලි වෙඩි වැඩක් නැති නිසා.අලි වැට ප්‍රමිතියට ගහන්න බැරි නම් මේ අලි ඔක්කොම අල්ලගෙන ගිහින් කොහේ හරි ගාල් කර ගන්න ඔ්න, පොල් ගස් පෙරලනවා බොඩය කනවා, මගේ පොල් ගස් 40 ක් විතර කෑවා.පේර ගස් වල ගෙඩි ඔක්කොම කනවා අලි පැනලා.ගස් ඔක්කොම පොඩි කරනවා ඇවිත්.පුදුම කරදරයක් ඒක.

බල්ලෝ රෑන් දුවනවා වගේ අලි යන්නේ රෑට, හදිස්සියකට ලෙඩක් ඉස්පිරිතාලයකට අරගෙන යන්න නෑ, වෙනදා රෑට විතරයි අලි ආවේ, දැන් උදේටත් අලි ඉන්නවා.ළමයෙකුට පාසලටවත් යන්න බෑ. රජයෙන් මේවා හොයන්නේ බලන්නේ නෑ.දවල්ට කුලී වැඩට යන මිනිස්සු හැන්දෑවට ගෙදර යන්නේ හාල් තුන පහ අරන් නෙමෙයි, රතිඤ්ඤා කරල් දෙකක් අරන් ගෙදර යන්නේ.ඒ ගිහින් රෑට අලිත් එක්ක ඔට්ටු වෙලා පහුවදාට ආයේ කුලී වැඩට යන්නේ.මේ පාලකයොන්ට මේවා පෙන්නේ නැත්නම් වැඩක් නෑ යැයි පැවසීය.

ඊයේ (22) ගම්වැදුණු වන අලි රංචුවක් එප්පාවල ඉහළවැව පදිංචි කරුණාදාස දිසානායක මහතාගේ ගෙවත්තට කඩා වැදී ඒ මහතාගේ ගෙවත්තේ තිබූ පොල් ගස් 09 කට වැඩි සංඛ්‍යාවක් පෙරලා විනාශ කර දමා ඇත.

අලි රංචුවක් පැමිණ මගේ ගෙවත්තේ පොල් පැළ 09 ක් වන අලි විනාශ කරලා තියෙනවා.අවුරුදු 07-08 ක් බොහෝම මහන්සියෙන් වගා කළ පැළ මේ විනාශ කරලා තියෙන්නේ.මීට කලිනුත් අලි රංචුවක් මේ අයුරින් මගේ ගෙවත්ත විනාශ කළා.අලි වැටක් රජයෙන් ඉදි කළත් ඒ අලි වැට කඩාගෙන රාත්‍රියට අලි නිදැල්ලේ ඉන්නවා.වනඅලින්ගෙන්, රිලවුන්ගෙන්, දඩුලේනුන්ගෙන්, මොනරුන්ගෙන් සිදුවන අස්වනු හානිය අති විශාලයි.මැති ඇමතිවරු ඇවිත් ගමට ඇවිත් බලන්න, ජනතාව හැබැයි දැන් ඉදල් -පොලු තියාගෙන ඉන්නේ ඇමතිවරන්ට සලකන්න.අලින්ගෙන් කරදර කියලා අලි මරලා හරියන්නේ නෑ. මේකට නිශ්චිත වැඩපිළිවෙලක් හදලා නෑ ආණ්ඩුව.ගම්මාන රැසක ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා මේ අලි නිසා.ඉතා කඩිනමින් මේකට විසදුමක් දෙන්න.නැත්නම් ඉදීරියේදි පොල් පිටරටින් ගෙනත් කන්න වෙන තත්වයකට පත් වෙනවා කොයි ආණ්ඩුව ආවත්.මේ වන අලි හානි සිදු කළාට රජයෙන් වන්දියක් හෝ ලැබෙන්‌නේ නෑ.නිළධාරීන් වාර්ථා කරන එක කලාට.ඒ අයට කරන්න දෙයක් නෑ කියනවා යැයි පැවසීය.

තිසර සමල් -අනුරාධපුර

Post Views: 14
Previous Post

ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ රට නිවැරදි මාවතට මෙහෙයවීමටයි – සාගල රත්නායක

Next Post

මාතලේ නගරයේ වාහන පරික්ෂාවක්

editor

editor

Next Post

මාතලේ නගරයේ වාහන පරික්ෂාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved