• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වා ගෙන යාමේ ක්‍රමවේදයක් – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

11 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසි සේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

එසේම බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කර රැඳවූවන් ඒවායේ සේවයෙහි යෙදවීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා මේ වන විට ආයතන 04ක් එකඟතාව පළ කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (10) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” මේ වන විට බන්ධනාගාරගත සමස්ත සැකකරුවන් සහ චූදිතයන් සංඛ්‍යාව 28,468ක් පමණ වනවා. මේ අතරින් රැඳවූවන් 50.3% ක් බන්ධනාගාර ගත වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධවයි. අද වන විට මේ තත්ත්වය විශාල ගැටලුවක් වී තිබෙනවා. මොකද අධිකරණයෙන් නියම වන දඬුවම් කාලය අවසන් වීමෙන් පසු මෙම රැඳවූවන් නැවත යන්නේ ඔවුන්ට සුපුරුදු පරිසරයටමයි. එම නිසා නැවත නැවතත් ඔවුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා බන්ධනාගාරගත වන ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා. ඒ නිසා නිපුණතා සහ පුනරුත්තාපනය ඒකාබද්ධ වූ වැඩසටහනකට ඔවුන් යොමු කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවූවන් වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලයි. ඔවුන්ගේ පුනරුත්තාපනය සහ සෞඛ්‍ය කටයුතු එකම ස්ථානයක සිදු කර ගත හැකිවන ආකාරයට ස්ථාන දෙකක් ස්ථාපිත කිරීම ‍කෙරෙහි මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ සාකච්ඡා සිදු කෙරෙනවා. එමඟින් එම කටයුතු සඳහා වන වියදම් අවම කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම බන්ධනාගාර රැඳවූවන්ගේ ආහාර සඳහා පමණක් රජය වාර්ෂිකව රුපියල් බිලියන 3.9ක් පමණ වැය කෙරෙනවා. එම වියදම් දරමින් ඔවුන්ව නඩත්තු කරන්නේ සමාජය විසින්. මේ වන විටත් රැඳවූවන් විසින් අක්කර 418ක පමණ වගා කටයුතු සිදු කරනවා. තව දුරටත් එම ප්‍රමාණය වැඩි කර ගැනීමට තවත් අක්කර 200ක් අප ඉල්ලා තිබෙනවා. එමගින් ආහාර සඳහා වැය වන අති විශාල මුදල් ප්‍රමාණය අඩු කර ගැනීමට අප උත්සාහ කරනවා. මේ අතර විවිධ පුද්ගලයින් ත්‍රස්ත පනත අනිසි ලෙස භාවිතා කරන බවට රජයට චෝදනා එල්ල කළත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ රැඳවියන් 40 දෙනකු පමණයි. මෙම පනත යටතේ සිටි එල්. ටී. ටී. ඊ රැඳවූවන් 33 දෙනෙකුට මේ වන විටත් නිදහස ලබා දී තිබෙනවා.

කෙසේ නමුත් අද වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති බරපතලම ගැටලුව වන්නේ බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි. පවතින බන්ධනාගාර තුළ රැඳවිය හැකි ධාරිතාවය 13,000ක් වුවත් 29,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා සිවිල් වැරදිකරුවන් සම්බන්ධ ඇප පනත සංශෝධනය කර නිවාස අඩස්සියට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ නීති කෙටුම්පත් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව අධිකරණයේ පෙනී සිටිම අත්‍යවශ්‍ය නොවන ඕනෑම අවස්ථාවක ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සහභාගි වීම ද මේ වන විටත් සිදු වෙනවා. මේ අතර බන්ධනාගාරය තුළම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා ස්ථාපිත කර රැඳවූවන් ඒවායේ සේවයෙහි යෙදවීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා මේ වන විටත් ආයතන 04ක් එකඟතාවය පළ කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා රැඳවූවන්ට ගැටළුවක් නොවී එම කර්මාන්තශාලා පවත්වා ගෙන යාමට හැකි නම් එමඟින් රැඳවූවන් සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස මුදා හැරීමේ අවස්ථාව හිමි වෙනවා. එසේ සේවයේ යොදවන රැඳවියකුට රු 1400.00 ක මුදලක් වෙන් කිරීමටත් එයින් රු 400- 500ක පමණ මුදල් ඔවුන්ගේ පවුල් වෙත ලබා දීමටත් අපේක්ෂා කරනවා.

“අමි දිවි රිද්ම” වැඩසටහන යටතේ මේ වන විට රැඳවූවන් 1120ක් පුනරුත්තාපනය කර තිබෙනවා. මෙමඟින් රැඳවූවන් දින 7- 14ත් අතර කාලයක් බලපත්‍ර මත නිවෙස් වෙත යැවීමට කටයුතු කරන අතර ඔවුන්ගේ යහපත් කල් ක්‍රියාව මත නිදහස ලබා දීමට හැකිද යන්න පිළිබඳව ද සළකා බලනවා. මෙමගින් ද බලාපොරොත්තු වන්නේ යහපත් පුද්ගලයින් ලෙස ඔවුන් නැවත සමාජ ගත කිරීමයි.

මේ අතර බන්ධනාගාර තුළ විවිධ පාතාල ක්‍රියාකාරකම් සඳහා අවකාශ ඇති බවට ඇතැමුන් චෝදනා කළත් ඊට කිසිදු අවස්ථාවක් නොමැති බවත් අවධාරණය කළ යුතුයි. එවැනි කටයුතු සඳහා වන සියලු අවකාශ අප හැකි තරම් පාලනය කර තිබෙනවා. කෙසේ වුවත් විවිධ බලපෑම් මඟින් බන්ධනාගාර නිලධාරීන් මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් ඊට ද කිසිම ඉඩක් නැති බව කිව යුතුයි. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පොලිස්පතිවරයාගේ සහාය ඇතිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. එසේම බන්ධනාගාර නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකායත්, බන්ධනාගාර නිලධාරීන් නොවන නිලධාරීන් පිරිසකුත් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනවා.

මේ වන විටත් බෝගම්බර බන්ධනාගාරය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන අවසන්. ඒ වගේම බොරැල්ල බන්ධනාගාරය පිහිටි භූමි‍යේ වාණිජ වටිනාකම රුපියල් බිලියන 32කට අධිකයි. මේ තත්ත්වය සැළකිල්ලට ගෙන මේ වන විට හොරණ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 200ක භූමියක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා ගෙන තිබෙනවා. එහි බන්ධනාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 18කට නොවැඩි ව්‍යාපෘති වාර්තා කැඳවන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නව බන්ධනාගාරය දැනට ඇති බන්ධනාගාරය මෙන් හතර ගුණයක් පමණ විශාලයි. මීට අමතරව එළිමහන් බන්ධනාගාර ක්‍රමය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වරදකරුවන් සඳහා ජියෝ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා.

මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව බන්ධනාගාර පවත්වා ගෙන යාම පිළිබඳ ක්‍රමවත්, නීත්‍යනුකූල, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය ප්‍රභූ පැළැන්තියට මුදල් ගෙවා සිර මැදිරි ලබා ගැනීමට අවස්ථාව සැළසෙනවා යන කතාවට වඩා වෙනස් ක්‍රියාවලියක් බව කිව යුතුයි. කෙසේ වුවත් මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව බන්ධනාගාර පවත්වා ගෙන යාම සඳහා වන වැඩ පිළිවෙළ ඉදිරියේදී හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. මීට අමතරව සැප්තැම්බර් 12 වනදාට යෙදෙන ජාත්‍යන්තර සිරකරු දිනය නිමිත්තෙන් පුස්තකාල ශ්‍රවණාගාරයේදී රැඳවූවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙමඟින් අප බලාපොරොත්තු වන්නේ යම්කිසි වරදකට බන්ධනාගාර ගත වුවත් ඔවුන් තුළ පවතින කුසලතාවන්ට වටිනාකමක් ලබා දීම බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 16
Previous Post

ගොන්නගහහේන ප්‍රාදේශීය රෝහලේ ළමා වාට්ටුව, අපිට අපි මිතුරු සංසදය සහ BAFF එක්ව ප්‍රතිසංස්කරණය කෙරේ

Next Post

වාහන හිමිකරුගේ ප්‍රතිරෝධයක් ඇත්නම් රථ වාහන අත්පත් කර ගත නොහැකියි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

වාහන හිමිකරුගේ ප්‍රතිරෝධයක් ඇත්නම් රථ වාහන අත්පත් කර ගත නොහැකියි - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved