සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහය අනුව මරණීය දණ්ඩනය පවා ලබාදිය හැකි බරපතළ වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ අද (13) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව එවැනි ක්‍රියාවන් දඬුවම් ලැබිය හැකි අපරාධ ගණයට වැටෙන බව අවධාරණය කළේය.













