හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථ ගාල් කරන භූමිය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (12) ආරම්භ කරන ලදි. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති නෝර්වුඩ් විධායක ඉංජිනේරු කාර්යාලය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක්විය.
දිනකට බස් රථ 90කට ආසන්න සංඛ්‍යාවක් හැටන් ඩිපෝව මගින් ධාවනය කෙරෙන අතර, මෙම නව ප්‍රතිසංස්කරණයත් සමඟ බස් රථ හැසිරවීමට වැඩි ඉඩ පහසුවක් සහ පහසුවක් සැලසෙන බව ඩිපෝ කළමනාකාරවරයා සඳහන් කළේය.














