• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2024 ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් – රවි කරුණානායක

23 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින සියලුම දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසත් UNP කියන්නේ පවුලේ පක්ෂයක් නොවන බවත් කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පැවති එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර තිබූ හැත්තෑ හත් වෙනි විශේෂ සම්මේලනය අමතමිනි.

එහිදී අදහස් පල කල රවි කරුණානායක මහතා ” අද දවස කියන්නේ ඓතිහාසික දවසක් අපි මේ පවත්වන්නේ 77 වෙනි සම්මේලන පමණක් නොවේ මේ විශේෂ සම්මේලනයේ පක්ෂය අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදෙනවා. ඇත්ත වශයෙන්ම අපි යූඑන්පී කියන්නේ පවුලේ පක්ෂයක් නෙමෙයි මේකේ වටිනාකම කියන්නේ අපේ පක්ෂය පවුලක් ලෙස කටයුතු කිරීමයි. ඒ නිසයි අපි එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ. පක්ෂය ගැන කිවුවහම අපට එකමුතුභාවය,දර්ශනයක් වැඩපිළිවෙළක්, බලය ගැනීම සඳහා පක්ෂ යාන්ත්‍රණයක් පාක්ෂිකයන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව රටේ බලගතුම පක්ෂය ඇති කිරීම සඳහා මම විශේෂ ආරාධනයක් කරනවා. ඒ තමයි කුමන හෝ හේතුවක් මත එක්සත් පක්ෂය හැරදමා ගොස් සිටින සියලු දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසයි. අපේ එකමුතුභාවය සමගියට අත්‍යවශ්‍ය වෙනවා හැර ගිය පවුලේ සාමාජිකයන්ට පමණක් නොවේ මේ රටේ අනාගතය බාරගන්නා ඉන්න තරුණ තරුණියන්ට සහ වැඩිහිටියන් සියලු දෙනාට විවෘත ආරාධනාවක් කරනවා. රටේ ආර්ථිකය වගේම ජනතාවගේ ආර්ථිකයත් පහත වැටුණු හැම අවස්ථාවකම යළිත් නඟා සිටුවීමේ කාර්යභාරය හැම අවස්ථාවකම සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයයි. යූඇම්පී කියන්නේ හැමදාමත් ඇත්ත කියපු පක්ෂයක්. දුරදිග දැකපු පක්ෂයක්. නිවැරදි දේ හරි ආකාරව කියපු පක්ෂයක්. අමිහිරි වුවත් ජනප්‍රිය දේශපාලනයෙන් බැහැර වූ පක්ෂයක්. UNP කියන්නේ රට හදන පක්ෂයක්. අපට මහවැලි වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්,වරායවල්, මහපොළ,ගෙවල්,වෙළඳ කලාප,කර්මාන්තපුර, නව තාක්ෂණය ආදී විශේෂ දේවල් රටට හඳුන්වා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයේ වැදගත්ම සංධිස්ථානය ලෙස හැරී බලනකොට 1948 අපි නිදහස ලබා ගත්තට පසු 1977 දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් අපේ රට ලෝකයට එක්සත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම 2015 රට වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා එවක අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ වගේම 2022 රට බංකොලොත් වුන අවස්ථාවේ යලි රට ඔසවා තැබීමේ භාරදූර කාර්යභාරය පැවරුණේ එක්සත් ජාතික පක්ෂ නායකයාටයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදෙනාම එකතු කරන්න පුළුවන් පක්ෂයක්. වර්තමානයේ විපක්ෂය සුරංගනා කතා කියන්න පුළුවන් විවිධ බිල්ලො මවන්න පුළුවන්,අන්තවාදය වපුරන්න පුළුවන්,මෙවැනි නොමඟ යවන ක්‍රියා සිදු කළත් හැමදාමත් එක්සත් ජාතික පක්ෂය වට්ටන්න පුළුවන් වුණේ නෑ. මේ රටේ වැටුණු ආර්ථිකය නඟා සිටුවන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට බව අපි 2015 වර්ෂයේදී ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නලා දුන්නා. එවක මුදල් ඇමැතිවරයා වශයෙන් මම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සිදු කරනු ලැබුවා. රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 10000 කින් වැඩිකිරීමටත්, ගෑස් ඉන්ධන සහ ජනතාවගේ අත්‍යවශ්‍ය ජීවන වියදම පහත හෙලීමට අපට හැකි වුණා. ඒ වගේම තමයි අපි නව තාක්ෂණය රටට හඳුන්වලා රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ 2015 වර්ෂයේ දී. නමුත් ඇතැම් අයගේ බාධා නිසා එය කඩාකප්පල් වුණා.යහපාලන ආණ්ඩුව අමාරුවෙන් හදපු රටේ ආර්ථිකය යළි 2022දී බංකොලොත් භාවයට පත් කළා යැයි රවි කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

බීඩි බදු සංශෝධන කලේ රටේ අහිමි වු බදු ආදායම වෙනුවෙන් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

සෞඛ්‍ය රමේෂ්ට … කෙහෙලිය පරිසරයට .. – ඇමැති ධුර මාරු වෙයි

editor

editor

Next Post

සෞඛ්‍ය රමේෂ්ට ... කෙහෙලිය පරිසරයට .. - ඇමැති ධුර මාරු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved