• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රථිපලයෙන් සෑම පුරවැසියකුම රු.ලක්ෂ 02 ක් නැති කරගෙන – මන්ත්‍රී පාඨලි

7 January 2024
in දේශීය, පුවත්
මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රථිපලයක් ලෙස මේ රටේ සෑම පුරවැසියකුම රුපියල් ලක්ෂ 02 ක් අහිමි කර ගෙන ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්, කළාවැව ආසන එක්සත් ජනරජ පෙරමුණු බළමණ්ඩලය අමතමින්ය.එම බල මණ්ඩලය එප්පාවල, හුරිගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, දැන් අපි ඉන්නේ අමුතු රටක, අපි පසුගිය මැතිවරණ වලට වඩා වෙනස් මේ 2024 මැතිවරණය, මොකද මේක අධික අවුරුද්දක, ඒ වගේම, දේශපාලන වශයෙන් ඉතාම වැදගත් අවුරුද්දක්, අපි මතක තියාගන්න ඕන, අපි ඡන්දය දෙන කොට ඒ ඒ වෙලාවට, පොඩ්ඩක් චූන් වෙලා ගිහින් අපි ඡන්දය දෙනවා, පස්සේ තමයි තේරෙන්නේ අපි දීපූ ඡන්දයෙන් මේකයි වෙන්නේ කියලා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ ජනතාව පෙළ සැදිලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ලක්ෂ සංඛ්‍යාත වැඩි ඡන්දයෙන් බලයට පත් කළා. මහමැතිවරණයෙත් එහෙමයි. ඊටත් වඩා ලොකු ජනවරමක් අපේ ජනතාව දුන්නා.නමුත් මතක තියා ගන්න මේ අවුරුදු 05 ක කාළය ගෙවෙනවා 2024 නොවැම්බර් මාසය වෙන කොට, අපි හැමෝම, රුපියල් ලක්ෂයක ආදායමක් අහිමි කර ගෙන තියෙනවා මේ අවුරුදු 05 දී, තව ලක්ෂයක් බදු හැටියට ආණ්ඩුවට ගෙවලා තියෙනවා.මේ දීපූ ඡන්දයේ ප්‍රථිපලය තමයි එක්කෙනකුට ලක්ෂ 02 ක් නැති වීම. හතර දෙනෙක් නම් පවුලේ අට ලක්ෂයක් නැති වීම,ඒ නිසා අපි ඡන්දය දෙද්දී අපි හැගීම් වලට වහල් වෙලා, චූන් වෙලා පොඩි පොඩි කාරණා කටයුතු වලට විතරක් නම් කටයුතු කරන්න එපා, මොකද දැන් රට බංකොලොත්, බංකාලොත් රටවල් එහෙම ලේසියෙන් ගොඩ එන්නේ නෑ, බංකොලොත් රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීම විශාල අභියෝගයක්.ඒක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.සමහර රටවල අවුරුදු 10-15 ගිහින් තියෙනවා.අපේ වර්ථමාන ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා අර තිබුණ පෝලිම් නැති කළා, නොතිබුණ පොහොර ලබා දුන්නා, විදුලිය 24 පැයේම ලැබෙනවා.හැබැයි ඒකට අපිට විශාල වන්දියක් ගෙවන්න සිද්ධ වුණා.අපේ මහබැංකු අධිපතිතුමා කිව්වා ලංකාව නැමති බස් එක පල්ලමේ බේක් නැතිව ගියේ, ඒක හැප්පිලා කැඩිලා බිඳිලා විසිරිලා යන්න ගියේ.අපි දැන් බේක් ගහලා නවත්තලා තියෙනවා.දැන් අලුත් ආණ්ඩුවකට පුලුවන් මෙතනින් එහාට පල්ලමෙන් උඩට ආපහු වාහනේ ගෙනියන්න කියලා මහබැංකු අධිපතිතුමා කිව්වා.මේ ගහපු බේක් පාර කොච්චර සැරද කියනවා නම් දැන් මේක හොල්ලන්න බෑ,මේ ගහපු අධික බදු නිසා රට හිර වෙලා.සීනී ‍කිලෝවකට රුපියල් 50 ක් ගැහුවා, ගෝඨාභය මහත්තයා 50 ඉඳන් සත 25 ට අඩු කලා, හැබැයි අපිට සීනී අඩුවට හම්බුනේ නෑ, එක මුදලාලී කෙනෙක්, කෝටී1600 ක් සාක්කුවේ දාගත්තා, ඊළඟට මේ ආණ්ඩුවෙන් සත 25 ඉඳන් 50 ට නැග්ගුවා, 50 වහාම වැඩි වුණා.ආයේ ඒ මුදලාලී තවත් ඒ වගේ ගානක් සාක්කුවේ දාගත්තා.එයා නොවැම්බර් බදු වැඩිවෙනවා කියලා දැනගෙන ඔක්තොම්බර් වලම වෙනදා ගේනවා වගේ පස් ගුණයක් ගෙනත් හම්බු කර ගත්තා.අපිට පුලුවන්ද දැන් සීනී ගන්න.කිලෝව ගත්ත මිනිහා දැන් 500 ක් ගන්නේ.දැන් කඩේ මුදලාලිට බිස්නස් තියෙනවාද? තොග සැපයුම්කරුවට බිස්නස් අඩුයි. දැන් ලයිට් බිල දුප්පත් මිනිහට හතර ගුණයකින් වැඩි කරලා තියෙනවා. ලක්ෂ 05 ½ ක් මිනිස්සුන්ට ලයිට් බිල් ගෙවාගන්න බැරිව කපලා, තව ලක්ෂ 04 කගේ ලයිට් බිල බින්දුවයි.ඒ අය ගෙවල් දාලා පිටරට ගිහින්.මේක තමයි රටේ ලයිට් බිලේ කථාව.විදුලි බල මණ්ඩලය බලාපොරොත්තු වෙන ආදායම් ලැබෙන්නේ නෑ, 2015 දින 100 ඇතුලේදී මමත් විදුලි බල ඇමතිකම කලා. මටත් ඔයවගේම නිළධාරීන් ඇවිත් කිව්වා.සර් අපි කෝටි 4500 ක් පාඩුයි, ආණ්ඩුවට කියලා ගාස්තු වැඩි කරමු කියලා කිව්වා.මම ගාස්තු අඩු කරලා රුපියල් 15 කළා.අපි වෘත්තීය මට්ටමේ නායකත්වයක් දැම්මා.දින 100 ඇතුලේ අපිට පුලුවන් වුණා කෝටි 2000 ක ලාභයක් දෙන්න. අද පෙට්‍රල් 92 ලීටරය් එන්නේ රුපියල් 215 ට, කොළඹ වරායට, ඒක තමයි ඔය 380 ගානට අපිට විකුණන්නේ, ඩීසල් එන්නේ ඊටත් අඩුවෙන් යැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 10
Previous Post

ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් – ජනපති

Next Post

2023 තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් – තල් සංවර්ධන මණ්ඩලය

editor ttvnews

editor ttvnews

Next Post
2023 තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් – තල් සංවර්ධන මණ්ඩලය

2023 තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් - තල් සංවර්ධන මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved