සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගාල්ල, මාතර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ හෙට (13) හා අනිද්දා (14) දෙදින ගාල්ල සහ මඩකලපුව හෙද විදුහල්වල පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා පවසයි.
මීට අදාල සියලුම විස්තර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පලකර ඇති හෙයින් එය පරිශීලනය කර අවශ්‍ය තොරතුරු ලබා ගන්නා මෙන් ද ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටි.